පසුගිය 2024 මැතිවරණ සමයේ "කොල්ලෙක් ඉන්නව නම් අරක්කු සිගරට් බොන්නෙ නැති මස්මාංශ කන්නේ නැති මේ රටේ නායකත්වයට ඒ නාමල් රාජපක්ෂ." යනුවෙන් ප්‍රකාශයක් කර ආන්දෝලනාත්මක පුවත් මැවූ මියගිය සනත් නිශාන්ත මහතාගේ බිරිය නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය පන්සලක පැවති පුණ්‍ය කටයුත්තක් අතරදී පැමිණ සිටි කැමරා ශිල්පීන් නැගූ පැනයකට මෙසේ පැවසුවාය.
ප්‍රශ්නය: මැඩම්, වර්තමාන දේශපාලනයට සහ දැන් පවතින ආණ්ඩුවට මොකක්ද මේ වෙලා තියෙන්නේ?
පිළිතුර: අපි විශ්වාස කරනවා ජනතාව මහා දැඩි විශ්වාසයකින් තමයි මේ ආණ්ඩුවට ඡන්දය පාවිච්චි කළේ කියලා.
"ක්ලීන් ශ්‍රී ලංකා" (Clean Sri Lanka) කියලා, හිටපු සියලුම දෙනාව ඉවත් කරලා, අලුතෙන්ම 159 දෙනෙක් ගේන වැඩසටහන නිර්මාණය කළේ ජනතාවමයි. හැබැයි මුහුදු රැල්ල ඇවිල්ලා වෙරළත් එක්ක හෝදගෙන මුහුදට ගහගෙන යනවා වගේ, ආවේ එක ගංවතුරයි. ඒ ගංවතුරට ආණ්ඩුවත් හෝදගෙන ගියා කියලයි අපි විශ්වාස කරන්නේ. විපක්ෂය විදිහට අපි ඇවිල්ලා වැඩ පටන් ගන්නකම්, ආණ්ඩුව වගේම සැබෑ විපක්ෂය කියන හැමෝම නිහඬයි කියලයි මම විශ්වාස කරන්නේ.
ප්‍රශ්නය: අනාගතයේදී ආණ්ඩුවක් පිහිටවන්න පුළුවන් වෙයිද?
පිළිතුර: අනිවාර්යයෙන්ම මම විශ්වාස කරන්නේ ආණ්ඩුවක් පිහිටවිය යුතුයි කියලයි. මේ ක්‍රියාත්මක වන විලීලැජ්ජා සහගත විනාශයට විරුද්ධව, පෙරට එන ආණ්ඩුවක් පිහිටවිය යුතුයි.