අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඔලගම ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු සිදුකරමින් පවතින මහල් 18 කින් සමන්විත ගොඩනැගිල්ලක් තුළ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ.අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමකදී අදාළ ගොඩනැගිල්ලේ 15 වන මහලේ තිබියදී මෙම මළසිරුර පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
ඊයේ (02) දහවල් කාලයේදී මෙම මළසිරුර හමුවී ඇති අතර, මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් තහවුරු වී නොමැති බව පොලිසිය සඳහන් කරයි.
මෘත දේහය මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.