a-short-105-minute-official-visit-to-india-to-meet-uae-president-modi

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිද් අල් නහියාන් මහතා විනාඩි 105 ක ඉතා කෙටි නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි අතර, මෙම සංචාරය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල නව මානයක් සනිටුහන් කිරීමට සමත් විය. නව දිල්ලියේ පාලම් ගුවන් තොටුපළ වෙත පැමිණි එමිරේට්ස් ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික නීති රීති (Protocol) පවා පසෙකලා ගුවන් තොටුපළ වෙතම පැමිණ සිටීම විශේෂ සිදුවීමක් විය.

අග්‍රාමාත්‍ය මෝදි සිය "X" ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ තම සොහොයුරා පිළිගැනීමට තමන් පෞද්ගලිකවම ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි.

මෙම කෙටි කාලසීමාව තුළදී නායකයන් දෙපළ අතර අතිශය වැදගත් සාකච්ඡා පැවති අතර, ආරක්ෂක සහ වෙළෙඳ ක්ෂේත්‍ර ඇතුළු ප්‍රධාන ගිවිසුම් 9 කට අත්සන් තැබීම මෙහිදී සිදුවිය. ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි සඳහන් කළේ සංචාරය කාලය අතින් කෙටි වුවද, අන්තර්ගතය අතින් ඉතා ප්‍රබල සහ ඵලදායී එකක් වූ බවයි. අබුඩාබි සහ ඩුබායි රාජකීය පවුලේ සාමාජිකයන් මෙන්ම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ නිලධාරීන් රැසක් මෙම දූත පිරිසට ඇතුළත් වීම මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉන්දියාව සමඟ ඇති සබඳතාවට ලබා දෙන ප්‍රමුඛත්වය මනාව පැහැදිලි වේ. මෙය 2022 වසරේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ෂෙයික් මොහොමඩ් බින් සයිද් ඉන්දියාවේ නිරත වූ තුන්වන සංචාරයයි.

නව දිල්ලියේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවති හමුවේදී නරේන්ද්‍ර මෝදි මහතා විසින් එමිරේට්ස් ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ අයට ඉන්දියානු සංස්කෘතිය විදහා දැක්වෙන වටිනා ත්‍යාග කිහිපයක් පිරිනමන ලදී. ගුජරාටයේ නිපදවූ ඉතා සියුම් කැටයම් සහිත දැව ඔංචිල්ලාවක් සහ තෙලන්ගානා හි නිපදවූ රිදී මංජුසාවක බහාලූ කාශ්මීර පෂ්මිනා සළුවක් ජනාධිපතිවරයාට තිළිණ කෙරිණි. මීට අමතරව, ජනාධිපතිවරයාගේ මව වන ෂෙයිකා ෆාතිමා බින්ත් මුබාරක් මැතිනිය වෙනුවෙන් ද විශේෂ පෂ්මිනා සළුවක් සහ ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් කාශ්මීර කුංකුම ත්‍යාග ලෙස ලබා දී ඇත.

දෙරට අතර පවතින ආර්ථික සබඳතා ද මෙම හමුවේදී තවදුරටත් ශක්තිමත් වූ අතර, වර්තමානය වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉන්දියාවේ තුන්වන විශාලතම වෙළෙඳ හවුල්කරුවා බවට පත්ව සිටී. දෙරට අතර වාර්ෂික වෙළෙඳාමේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි ලක්ෂ 6 ඉක්මවා ඇති බව වාර්තා වේ. බලශක්ති සැපයුම, දේශීය මුදල් භාවිතයෙන් ගනුදෙනු කිරීමේ ක්‍රමවේද සහ ද්විපාර්ශ්වික ආයෝජන ගිවිසුම් හරහා මෙම ආර්ථික බැඳීම තවදුරටත් පුළුල් වී තිබේ. ඛනිජ තෙල්, මැණික්, ස්වර්ණාභරණ, ආහාර ද්‍රව්‍ය සහ ඉංජිනේරු භාණ්ඩ ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ මෙම වෙළෙඳ සබඳතා ව්‍යාප්ත වී ඇත.