KDK නමැති ජපන් වෙළෙඳ නාම ව්‍යාජ ලෙස සකස් කළ විදුලිපංකා අලෙවි කළ ජාවාරමක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පක්ෂණයක් ආරම්භ කර ඇත. මේ අනුව පිළියන්දල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අදාළ ව්‍යාපාරික ස්ථානයෙන් සොයාගත් විදුලිපංකා සඳහා නිසි ආනයනකරුවකු හෝ නිෂ්පාදකයෙකු පිළිබඳ තොරතුරු පවා අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව අධිකාරිය සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩු පැවරීමේන් අනතුරුව වරද පිළිගැනීමෙන් පසු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ ව්‍යාපාරිකයාට රුපියල් 40,000ක දඩයක් නියම කර ඇත. එමෙන්ම නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කළ විදුලිපංකා 20ක් රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කර ඇත.මෙවැනි වංචා වලින් ආරක්ෂා වීම සඳහා භාණ්ඩයක් මිලදී ගැනීමේදී භාණ්ඩයේ ලේබලය හා අකුරු, නිෂ්පාදකයා හෝ ආනයනකරුගේ නම හා ලිපිනය, උපරිම සිල්ලර මිල, ආයතනික වගකීම් සහතිකය (Company Warranty Card) සහ මුදල් ගෙවීමෙන් පසු නිසි බිල්පතක් ලබා ගැනීම පාරිභෝගිකයන්ගේ අයිතියක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාර්ය අවධාරණය කළේය.
මෙවැනි නොමඟ යවන සුළු ක්‍රියාවන්ගෙන් පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීම. සඳහා දිවයින පුරා මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරන බවද අධිකාරිය වැඩිදුරටත් පැවැසීය.