four-killed-kilinochchi-accident

කිලිනොච්චිය පොලිස් වසමට අයත් පරන්තන් - මුලතිව් ප්‍රධාන මාර්ගයේ මුරසුමොටේ ප්‍රදේශයේදී අද (12) සවස් කාලයේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පරන්තන් දෙස සිට මුලතිව් දෙසට ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය තුළ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් පස්දෙනෙකු ගමන් කර ඇති අතර, මෝටර් රථයේ ගමන් කළ පස් දෙනාගෙන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර තිදෙනෙකු කිලිනොච්චිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන ලදී.

රෝහලට ඇතුළත් කළ තිදෙනාගෙන් දෙදෙනෙකු ප්‍රතිකාර නොලැබී මිය ගොස් ඇති අතර එක් අයෙකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටී. මියගිය අය අතර රියදුරු සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු වෙයි.



මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 32, 34 සහ 46 යන වයස් සීමාවල පසුවන විශ්වමඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. විශ්වමඩු ප්‍රදේශයේ සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් සහ වවුනියාවේ සිට විශ්වමඩු දෙසට ධාවනය වූ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. මෝටර් රථයේ ගමන් ගත් අනෙක් පුද්ගලයා මේ වන විට කිලිනොච්චිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, බස් රථයේ රියදුරු ද ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

 මියගිය අයගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

four-killed-kilinochchi-accident




four-killed-kilinochchi-accident

four-killed-kilinochchi-accident

four-killed-kilinochchi-accident