
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (20) පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය අටක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
මෙම ජල කප්පාදුව හේතුවෙන් කොළඹ 01 සිට 15 දක්වා වූ තැපැල් කලාපවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ සහ නාවල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවෙනු ඇත.
ඊට අමතරව, කොළොන්නාව, අයි.ඩී.එච්., කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, මොරටුව සහ සොයිසාපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්ටද මෙම ජල කප්පාදුවේ බලපෑම් එල්ල වනු ඇතැයි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.