update-former-students-demand-an-impartial-investigation-to-ensure-justice-for-the-two-sirimavo-students

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවයේ ආන්දෝලනයට හේතු වූ වීඩියෝව ඉතා කෙටි කාලයක් තුළ අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිර ගිය පසු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය ආදි ශිෂ්‍යා සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ සිද්ධියට සම්බන්ධ ස්කොෂ් ක්‍රීඩිකාව සහ පිහිනුම් ක්‍රීඩිකාව යන දෙදෙනාම තම දක්ෂතා මගින් පාසලට ඉමහත් කීර්තියක් හා ගෞරවයක් ගෙන දී ඇති බව එම සංගමය අවධාරණය කරයි.



චෝදනා එල්ල කරන සිසුවියගේ මතයට අනුව ඇය පෙර පුහුණුවීමක් සඳහා නොපැමිණීම මත සම්මානය වෙන අයෙකුට ලබාදී ඇත.
එමෙන්ම, මෙම ගැටලුව සම්බන්ධයෙන් විධිමත්, අපක්ෂපාතී සහ පාරදෘශ්‍ය පරීක්ෂණයක් පවත්වන ලෙස පාසල් පරිපාලනයෙන් ඉල්ලා සිටින බවත්, ඒ සඳහා සුදුසුකම් ලත් ක්‍රීඩා විශේෂඥයින්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් පත් කළ යුතු බවත් ආදි ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කර සිටී. එම පරීක්ෂණය අවසන් වූ පසු ඊට අදාළ වාර්තාවක් නිකුත් කිරීමට කටයුතු කරන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.




පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු, අදාළ සිසුවියන්ගේ මානසිකත්වයට හෝ පාසලේ කීර්ති නාමයට හානි වන ආකාරයේ ප්‍රකාශ හෝ සටහන් සමාජ මාධ්‍ය තුළ බෙදා හැරීමෙන් වළකින ලෙස ආදි ශිෂ්‍ය සංගමය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී. 

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාසල් පරිපාලනය විසින් මෙතෙක් වෙනම නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර සම්මානය ලද සිසුවිය එම සම්මානයට සුදුසු බවත් සම්මාන නොලද සිසුවිය විනය විරෝධී බවත් දක්වමින් ෆේස් බුක් පැහැදිලි කිරීමක් කර ඇත්තේ අවශ්‍ය අයගේ දැනගැනීම සඳහා යන මාතෘකාව යොදමිනි.

සිසුවියන් දෙන්නාම විදුහලේ කීර්තිමත් ක්‍රීඩිකාවන් වන අතර වසර 7 කට පසු පැවති වර්ණ රාත්‍රියේදී මෙම ගැටලුව මතුවිය.

සිසුවියන්ගේ දක්ෂතා හා කතාවේ වීඩියෝව පහත පරිදිය.


සිදුවීමට අදාළ වීඩියෝව මෙතැනින් click here

gossiplanka image