
මහරගම, නාවින්න ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්ති ආයතනයක් අසලදී පාසල් වයසේ පසුවන සිසුන් දෙපිරිසක් අතර හටගත් ගැටුමක් දුරදිග යාමෙන් සිසුන් දෙදෙනෙකු පිහි ඇනුමකට ලක්ව රෝහල්ගත කර තිබේ. පසුගිය 06 වැනිදා රාත්‍රී 7.30 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති බව මහරගම පොලිසිය සඳහන් කරයි.
අදාළ පෞද්ගලික අධ්‍යාපන ආයතනය ඉදිරිපිටදී සම වයසේ පසුවන මෙම බාල වයස්කාර සිසුන් පිරිස අතර කිසියම් හේතුවක් මුල් කරගෙන බහින්බස්වීමක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. එම බහින්බස්වීම පාලනය කරගත නොහැකිව ගැටුමක් බවට පත් වීමෙන් පසු පිහියකින් මෙම පහරදීම සිදු කර ඇති බව පොලිසිය පවසයි. සිද්ධියෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත්තේ වයස අවුරුදු 16ක් වන නුගේගොඩ සහ මීගොඩ දාම්පේ යන ප්‍රදේශවල පදිංචි සිසුන් දෙදෙනෙකි.
සිසුන්ට පිහියෙන් පහර දී තුවාල සිදු කළ සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා මහරගම පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ. මහරගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval