ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, මධ්‍යම කඳුකරය ආරක්ෂා කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ අවදානම් කලාපවල නිවාස 15,000ක් හඳුනාගෙන ඇති බවයි.
ජනාධිපතිවරයා මේ බව පැවසූයේ, ඊයේ (15) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික සභාවේ 16 වන සැසිවාරයට එක්වෙමිනි.
එහිදී ඔහු සඳහන් කළේ, ලබන වසර අවසන් වන විට එම ජනතාව වෙනුවෙන් නිවාස 8,000ක් ඉදිකර සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවයි.
මෙහිදී, ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීම සහ 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත සංශෝධනය කිරීමට අදාළ පත්‍රිකාවක් ද සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
එමෙන්ම, වතු ප්‍රදේශවල නායයෑම් අවදානම අවම කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් නිර්දේශ ලබාදීම සහ සහතික කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි. මේ යටතේ, අදාළ පාර්ශ්වකරුවන්, වතු හිමියන් සහ පළාත් පාලන ආයතන අතර සම්බන්ධීකරණයෙන් ජලාපවහන පද්ධති ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය ඇතුළු ක්‍රියාකාරකම් සිදුවනු ඇත.
මෙම සැසිවාරයේදී අනාවරණය වූයේ, ආපදාවන් හේතුවෙන් නිවාස 6,164ක් පූර්ණයෙන් ද, නිවාස 112,110ක් අර්ධ වශයෙන් ද හානියට පත්ව ඇති බවයි.
ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේ, ගංවතුරෙන් හානියට පත් නිවාස පවිත්‍ර කර ගැනීම සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 25,000ක දීමනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර, මෙම සතිය තුළ අදාළ මුදල් ගෙවා අවසන් කරන ලෙසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval