15-teams-deployed-to-conduct-special-inspection-on-landslide-risk-at-schools-in-the-central-province

අයහපත් කාලගුණය සමඟ ඇතිවූ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් නායයෑම් අවදානමට ලක්වූ මධ්‍යම පළාතේ පාසල් විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කටයුතු යොදා තිබේ.

ඒ අනුව, පාසල් පරිශ්‍රයන්හි නායයෑම් අවදානම් පරීක්ෂණ පසුගිය 09 වැනිදා ආරම්භ විය. මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල ප්‍රවීණයන් මෙන්ම ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායම් 15ක මූලිකත්වයෙන් මේ පරීක්ෂණ සිදුකෙරෙමින් පවතී.




මෙහිදී මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල පිහිටි නායයෑම් අවදානම් සහිත පාසල් පරිශ්‍රයන්හි තත්ත්වය කඩිනමින් තක්සේරු කිරීමට නියමිතය.