thambili-lahiru-hospitalized-dengue

අධිකරණ නියෝග මත වරාය පොලිසිය භාරයේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන තැඹිලි ලහිරු, ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.




ඔහුගේ උණ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් අනතුරුව, සිදුකළ පරීක්ෂණ මගින් ඔහුට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට තහවුරු වී ඇත. ඒ අනුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

මේ වන විට තැඹිලි ලහිරු කොළඹ ජාතික රෝහලේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ප්‍රතිකාර ලබමින් සිටී.




ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනුණු කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම සමඟ තැඹිලි ලහිරුද හසු විය. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හරහා මේ වන විට පාතාලයේ අපරාධ රැසක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.