
ජපානයේ ටෝකියෝ නගරයේ මිනාටෝ-කු ප්‍රදේශයේ ශිනගාවා දුම්රිය ස්ථානය අසල පිහිටි යොෂිනෝයා ආපනශාලාවක් ඉදිරිපිටදී, පිහියක් (utility knife) ගෙලට තබාගෙන සිටි ශ්‍රී ලාංකිකයෙකු දෙසැම්බර් 22 වැනි සඳුදා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයාගේ අතට සහ ගෙලට ලේ ගලන තුවාල සිදු වී තිබුණද, ඔහු සිහිකල්පනාවෙන් සිටි බව වාර්තා වේ.
පොලීසිය වහාම එම ප්‍රදේශය වටලා, ඔහු සමඟ සාකච්ඡා කර පිහිය බිම දමන ලෙසට ඒත්තු ගැන්වීමට සමත් විය. මෙම සිද්ධියෙන් කිසිදු මගීයකුට හානියක් සිදු නොවීය.උදෑසන 10.30ට පමණ මෙම සිද්ධිය වාර්තා වූ අතර, එම අවස්ථාවේදී නිලධාරියෙකු විසින් අදාළ පුද්ගලයා පිහියක් ගෙලට තබාගෙන සිටිනු දැක අමතර සහාය ඉල්ලා ඇත. පසුව දස දෙනෙකුට අධික පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කළහ.
ජපානයේ ගිනි අවි සහ කඩු පාලන නීතිය (Firearms and Swords Control Law) උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ, එම පුද්ගලයා පොලීසියේ උපදෙස් පිළිපැදීමෙන් පසු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගනු ලැබීය.
සිදුවීමට අදාළ වීඩියෝව මෙතැනින් click here