බහරේනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානිකා දිසානායක මහත්මිය මේ සතියේ (දෙසැම්බර් 14) මනාමා නුවර පිහිටි ගුඩේබියා මාලිගයේදී බහරේන් රාජධානියේ කිරුළ හිමි කුමරු සහ අග්‍රාමාත්‍ය අතිගරු සල්මාන් බින් හමාඩ් අල් කලීෆා කුමරු හමුවී ඇත.
බහරේනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ, තානාපතිනි දිසානායක මහත්මිය විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ සුබ පැතුම් සහ උණුසුම් සුභාශිංසන කිරුළ හිමි කුමරු වෙත දැනුම් දුන් බවත්, දෙසැම්බර් 16 වැනිදාට යෙදී ඇති බහරේනයේ 54 වැනි ජාතික දිනය වෙනුවෙන් ඇයගේ සුභ පැතුම් එක් කළ බවත්ය.
තානාපතිනිය විසින් ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පවතින බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව කිරුළ හිමි කුමරුට කරුණු පැහැදිලි කළ අතර, විශේෂයෙන්ම වෙළඳාම සහ ආයෝජන ක්ෂේත්‍රවල අනාගත සහයෝගීතාව සඳහා ඇති අවස්ථාද එහිදී ඉස්මතු කර දැක්වූවාය.
කිරුළ හිමි කුමරු සිය අදහස් දැක්වීමේදී බහරේනය සහ ශ්‍රී ලංකාව අතර ඇති දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා අවධාරණය කළ අතර, බහරේනයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වය ද ඇගයීමට ලක් කළේය.
ශ්‍රී ලංකාව සමඟ බහුවිධ අංශ හරහා සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ පුළුල් කිරීමට බහරේනය කැපවී සිටින බවද ඔහු තවදුරටත් අවධාරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval