කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමියන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට සහ පානදුර නගරාධිපති හේමකුමාර පෙරේරා මහතාට දෝෂාරෝපණයක් සිදු කරනු ලැබු බව වාර්තාවේ
එහිදී උන්වහන්සේ සඳහන් කළේ, තමා මයික්‍රෆෝනය අතටගත් විට නගරධිපතිවරයා සහ මන්ත්‍රීතුමිය උත්සව සභාවෙන් පිටව ගිය බවයි.
මෙම සිදුවීම ඊයේ (15) පානදුර ගල්බොඩ ශ්‍රී මහා විහාරයේදී පැවති, කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික පූජ්‍ය පොතුපිටියේ පඤ්ඤාසේකර හිමියන්ට උපහාර පිදීමේ උත්සවයේදී වාර්තා විය.
පූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමියන් විසින් තවදුරටත් චෝදනා කරමින් කියා සිටියේ, මේ වන තුරු තමන්ගේ නායක හිමියන් වහන්සේ බැහැදැකීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණ නොමැති බවයි.
භික්ෂූන් වහන්සේලා විසින් කුමක් පැවසුවද, එය අසා සිටීමේ පෞරුෂය දේශපාලඥයින්ට තිබිය යුතු බව රාහුල හිමියන් එහිදී අවධාරණය කර තිබේ.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි, හිටපු කථානායක කරූ ජයසූරිය, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් එක්ව සිටි බව වාර්තා විය.
Comments
Post a Comment
Your comment will be visible after approval