sri-lanka-digital-transformation-world-bank

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, මෙන්ම රජයේ සේවා නවීකරණය කිරීම ඇතුළු අංශ කිහිපයක් සඳහා, ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 50ක ව්‍යාපෘතියකට අනුමැතිය ලබා දී තිබේ.




ලෝක බැංකු සමූහය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ රජයේ සේවාවන් නවීකරණය කරමින්, ඒවා මහජනතාවට වඩාත් කාර්යක්ෂමව සහ පහසුවෙන් ලබාගත හැකි වන පරිදි සමීපකරවීම බවයි. මෙමඟින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් අංශය ප්‍රවර්ධනය වී, ජනතාවගේ මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවේ අවශ්‍යතා සපුරාලීමටද පිටුවහලක් වනු ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

"ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය" ලෙස නම් කර ඇති මෙම මුලපිරීම මගින්, රජයේ සේවාවන් සඳහා ඒකාබද්ධ මාර්ගගත පුරවැසි සේවා ද්වාරයක්, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා රාජ්‍ය ආයතන හරහා දත්ත බෙදාගැනීම සඳහා ආරක්ෂිත පද්ධතියක්, ඩිජිටල් ලේඛන ගබඩාකිරීම සඳහා විශේෂිත ඩිජිටල් කවුළුවක් සහ වැඩිවන ඉල්ලුම අනුව පරිමාණය කළ හැකි වේදිකාවක් ඇතුළු කේන්ද්‍රීය ඩිජිටල් විසඳුම් සඳහා සහාය වීමට අපේක්ෂා කෙරේ.