මල්වතු ඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් තන්තිරිමලේ ප්‍රදේශය සඳහා ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
කෙසේ වෙතත්, අද දින පෙරවරු 06.30 වන විට ලබාගත් දත්තවලට අනුව දිවයිනේ අනෙකුත් ගංගාවල ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය තත්ත්වයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම අද පෙරවරු 06.00න් අවසන් වූ පසුගිය පැය 21ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය පානදුගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම අගය මිලිමීටර් 120.8ක් ලෙස සටහන් වී තිබේ.
මීට අමතරව මෙම කාල සීමාව තුළ උරාව ප්‍රදේශයෙන් මිලිමීටර් 67.8ක වර්ෂාපතනයක් සහ ඇල්ලගාව ප්‍රදේශයෙන් මිලිමීටර් 58.7ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval