parliament_member_food_shortage_complaint

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ කරුණක් මතු කරමින් පවසා සිටියේ දහවල් ආහාර වේලෙන් පසු ආපනශාලාවේ ආහාර හිඟයක් පවතින බවයි.




"ගරු සභාපති තුමනි, මම ආපනශාලාවට ගියේ ආහාර ගැනීමටයි. එහි තිබුණේ රතු කැකුළු බත් සහ ව්‍යංජන පමණයි. වෙන කිසිම දෙයක් කෑමට තිබුණේ නැහැ," යනුවෙන් ඔහු සඇමතුවේය.

ප.ව. 2:30 පමණ වන විට ආපනශාලාවේ ආහාර නොමැති බවත්, පාර්ලිමේන්තුව රැස්වන දිනවල සියලුම මන්ත්‍රීවරුන්ට ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් රණතුංග මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.