පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හටගත් දරුණු ජල ගැලීම් හමුවේ මුලතිව්, නයාරු ප්‍රධාන පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ. මුලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කරන ආකාරයට නයාරු කලපුව හරහා ඉදි කර තිබූ මෙම පාලම, දැඩි ජල පහරට හසුවීමෙන් එහි බැමි කැඩී ගොස් ජල පහරට ගසාගෙන ගොස් ඇත.
මෙම පාලම බිඳ වැටීමත් සමඟ එම මාර්ගය ඔස්සේ සිදු කෙරෙන ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩාල වී ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම මුලතිව් සිට වැලිඔය දක්වාත්, මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වාත් මෙන්ම කෝකිලායි ප්‍රදේශය දක්වාත් පවතින රථවාහන ගමනාගමනය ඇතුළු සියලුම ප්‍රවාහන සබඳතා මේ වන විට සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.
නයාරු ප්‍රදේශයේ ජල ප්‍රවාහය සාමාන්‍ය මට්ටමට වඩා ඉතා ඉහළ අගයක් ගෙන ඇති බැවින් පාලමට මෙම හානිය සිදුව ඇති අතර, මේ හේතුවෙන් ප්‍රදේශවාසීහු තවදුරටත් දැඩි පීඩාවට පත්ව සිටිති. උතුරු පළාතේ ආපදා තත්ත්වය පිළිබඳ තොරතුරු ලැබීම සාමාන්‍යයෙන් සීමිත වුවද, මෙම සිදුවීමත් සමඟ එම ප්‍රදේශයේ පවතින අවදානම් සහගත තත්ත්වය සහ ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතාව මැනවින් පෙන්නුම් කරයි.
කැඩුණ පාලමේ ඡායාරූප එකතුව මෙතැනින් click here
Comments
Post a Comment
Your comment will be visible after approval