manager-of-ambalangoda-singer-shot-dead

අම්බලන්ගොඩ නගරයේ පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාරයේ කළමනාකරු වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙම සිදුවීම වාර්තා වූයේ අද (22) උදෑසනයි.




යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. ඝාතනයට හේතුව හෝ සිදු කළ අය සම්බන්ධව තවම විස්තර දැනගන්නට නැත. 

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරයි.