අද දෙරණ 'BIG FOCUS' වැඩසටහනට අද පැමිණි විභාග කොමසාරිස්ව රිය හා අධ්‍යාපන අමාත්‍යංහයේ ලේකම්වරයා සමග කළ සංවාදයේදී පාසල් තෙවන වාරයේ ආරම්භය සහ පවතින ආපදා තත්ත්වය හමුවේ විභාග කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් විය. ගංවතුර තත්ත්වය හේතුවෙන් පාසල් 1300කට පමණ කුමන හෝ ආකාරයක බාධාවක් එල්ල වී ඇති බව අනුමාන කෙරෙන අතර,
පාසල් නැවත විවෘත කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ ප්‍රවාහන පහසුකම් යථා තත්ත්වයට පත්වීම සහ පාසල් තුළ අවතැන් කඳවුරු පවත්වාගෙන යාම යන කරුණුයි. මාර්ග පද්ධතියේ සම්බන්ධතාව (Connectivity) යථා තත්ත්වයට පත් වුවහොත් මෙම පාසල් සංඛ්‍යාව 50ක් දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කරන අතර, දෙසැම්බර් 29 වන විට සියලු පාසල් නැවත විවෘත කිරීමට සැලසුම් කර තිබේ.අයහපත් කාලගුණික තත්ත්වය සැළකිල්ලට ගනිමින් විභාග කාලසටහන දින හතකින් කල් දැමීමට බලධාරීන් අවසන් තීරණයක් ගෙන ඇත. ඒ අනුව 2026 වසරේ ජනවාරි මස 12 වනදා සිට 20 වනදා දක්වා අදාළ විභාග කටයුතු පවත්වා අවසන් කිරීමට නියමිතය. ඉදිරි දින කිහිපය තුළ විෂයන් 10කට අදාළව විභාග පැවැත්වීමට නියමිත අතර, ඊට ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පමණක් ඉතිරිව ඇති විෂයන් පහක්, පළමු කොටස පමණක් ඉතිරිව ඇති ඉතිහාසය විෂය සහ ප්‍රශ්න පත්‍ර කොටස් දෙකම පැවැත්වීමට නියමිත විෂයන් ඇතුළත් වේ. මෙම විභාග කටයුතු සඳහා දරුවන් 22,627 දෙනෙකු පෙනී සිටීමට නියමිතව සිටියි.
ගංවතුර ආපදාව හේතුවෙන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයට ළඟා වීමට නොහැකි දරුවන් සිටී නම්, ඔවුන්ට වෙනත් මධ්‍යස්ථානයකදී විභාගයට පෙනී සිටීමේ අවස්ථාව සලසා දී තිබේ.
පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරුන් මාර්ගයෙන් කලාප කාර්යාල හරහා විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන්ට සෘජුවම විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් අවශ්‍ය පහසුකම් සලසා ගත හැකිය. මීට අමතරව 011-2784208, 011-2784537 සහ 011-2788616 යන දුරකථන අංක ඔස්සේ ද විමසීම් සිදු කළ හැකි අතර, පොත්පත් සහ සටහන් අහිමි වූ දරුවන්ට සහය වීමට කලාප අධ්‍යක්ෂවරුන් සහ ගුරුවරුන් දැනුවත් කර ඇති බවත්, වෙබ් අඩවි හරහා ද සටහන් ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති බවත් මෙහිදී සඳහන් කෙරුණි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වූ අතර ලබන වසරේ පාසල් ආරම්භයත් සමඟම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන බලධාරීන් සූදානමින් සිටියි. ඊට අදාළ අධ්‍යාපන මොඩියුල නොවැම්බර් මස 15 වන විට මුද්‍රණය කර අවසන් කර ඇති අතර, පාසල් ආරම්භ කරන දිනයේදීම පෙළ පොත් සමඟ මෙම මොඩියුල ද සියලුම දරුවන් වෙත ලබා දීමට බෙදාහැරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. මීට අමතරව ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියට අදාළ ගෙවීම් කටයුතු දැන් 'ගව්පේ' (GovPay) ඔස්සේ මාර්ගගත ක්‍රමයට (Online) සිදු කිරීමට මහජනතාවට අවස්ථාව උදා වී ඇති බව ද මෙහිදී අනාවරණය විය.
Comments
Post a Comment
Your comment will be visible after approval