ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් මහතා ඩුබායිහිදී හදිසි ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව වාර්තා වේ.
ඔහුගේ මුත්‍රාශයේ ගල් (Bladder Stones) තිබෙන බවට හඳුනා ගැනීමෙන් පසුව මෙම ශල්‍යකර්මය සිදු කර ඇත.
මේ දිනවල පැවැත්වෙන ILT20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා කුසල් මෙන්ඩිස් ඩුබායිහි රැඳී සිටියේය.
කෙසේ වෙතත්, ශල්‍යකර්මයෙන් අනතුරුව මේ වන විට මෙන්ඩිස් ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.
මෙම හදිසි ශල්‍යකර්මය හේතුවෙන් ඔහුට ILT20 තරගාවලියේ ඉතිරි තරග සියල්ලම අහිමි වනු ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval