සපුගස්කන්ද ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කථානායක අශෝක රන්වල මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.
අදාළ රිය අනතුරෙන් පසුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (12) දහවල් පොලිසිය විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම අනතුර ඊයේ (11) සවස් කාලයේදී සිදුව ඇති අතර, ජාතික ජන බලවේගයේ බියගම ආසන ප්‍රධාන සංවිධායකවරයා ද වන මන්ත්‍රීවරයා පදවාගෙන පැමිණි ජීප් රථය, කාන්තාවක් විසින් ධාවනය කරන ලද මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර හේතුවෙන් මන්ත්‍රීවරයා ද තුවාල ලබා ඇති අතර, මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval