ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මිය අභාවප්‍රාප්ත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය අවධාරණය කර සිටියි. අන්තර්ජාලය තුළ වේගයෙන් හුවමාරු වන මෙම පුවත් හුදෙක් පදනම් විරහිත කටකතා පමණක් බව එම සංගමය සඳහන් කරයි.
ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සාමාජිකයෙකු වන සංගීතවේදී අජන්ත පීරිස් මහතා අදහස් දක්වමින් තහවුරු කර ඇත්තේ ලතා වල්පොල මහත්මිය තවදුරටත් ජීවතුන් අතර සිටින බවයි. සමාජ මාධ්‍යවල පළවන ආකාරයේ හදිසි වියෝවක් සිදුව නොමැති බව ඔහු වගකීමෙන් යුතුව ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් ඇය මේ වන විට දැඩි ලෙස රෝගාතුරව පසුවන බවත් ඒ සඳහා රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගත් බවත් අජන්ත පීරිස් මහතා වැඩිදුරටත් අනාවරණය කළේය. ඇය අසනීප තත්ත්වයෙන් පසුවුවද මියගොස් නොමැති බවත් ඇය තවමත් ජීවතුන් අතර සිටින බවත් හෙතෙම නැවතත් තහවුරු කර සිටියේය.ප්‍රවීණ ගායිකා ලතා වල්පොළ මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පැතිර යන කටකතා ශ්‍රී ලාංකික කලාකරු දයාන් විතාරණ විසින් ද ප්‍රතික්ෂේප කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් දයාන් විතාරණ මහතා තහවුරු කර ඇත්තේ ලතා වල්පොළ මහත්මිය ජීවත්ව සිටින බවයි.
ඇය රෝහල් ගත කළ බව සත්‍යයක් වුවද, ඇගේ තත්ත්වය යහපත් අතට හැරී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඇයට ලැබේවා. පැතිර යන කටකතා අසත්‍ය බව මම තහවුරු කරමි යනුවෙන් දයාන් විතාරණ මහතා සිය සටහනට එක් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval