කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ දෙසැම්බර් මාසයේ 19 වැනිදා පැවති වර්ණ රාත්‍රී උත්සවයේ විශිෂ්ටතම ක්‍රීඩිකාවගේ සම්මානය දිනාගත් නභාෂි පෙරේරා එහිදී ඇගේ සහෝදර ශිෂ්‍යා චනිත්මා සිනාලි සිදු කළ කතාව හා ඉන් පසු ඇතිවූ ගැටලුකාරී තත්වය ගැන අදහස් පළ කර තිබේ.
ඇගේ අදහස පහත පරිදිය.
"අවසානයේ 'Most Outstanding' (විශිෂ්ටතම) ශිෂ්‍යාව විදිහට ඉස්කෝලෙ ට්‍රෝෆි (Trophy) එක ගත්තේ මම. මගේ නම එතැනින් නිර්දේශ වුණා. මම ගිහිල්ලා ට්‍රෝෆි එක ගත්තා. හැබැයි ඒ තීරණය ගත්තේ මම ඉන්වෝල් (involve) වෙලා නෙවෙයි. ඒක විෂය භාර අය, ප්‍රින්සිපල් (විදුහල්පතිතුමිය) සහ ඉන්ටවීව් බෝඩ් (Interview Board) එක විතරයි තීරණය කළේ.
එතකොට මම ඒකට සුදුසුද නැද්ද කියන එක ප්‍රින්සිපල් සහ ඉන්ටවීව් බෝඩ් එක තීරණය කරලනේ ගන්නේ. එතකොට ඒකට මාව ට්‍රෝල් (troll) කරන්න එපා, මාව බුලී (bully) කරන්න එපා. මම මේකට ඉන්වෝල් නෑ. මම 2023 ගේම්ස් කැප්ටන් (Games Captain).
එතකොට මගේ පර්ෆෝමන්ස් (performances) මම ඉස්කෝලෙට භාර දීල තියනවා. මම ඉන්ටවීව් එකට ෆේස් (face) කළා. මම ගිහිල්ලා 'Most Outstanding' එකට අදාළව තිබ්බ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නා. අනිත් ළමයත් එක්කම මම ෆේස් කළා. අපි දෙන්නා අතරේ තරහක් නෑ. අපි දෙන්නා හොඳම යාලුවෝ. අපි දෙන්නා ෆේස් ටු ෆේස් (face-to-face) තමයි බෝඩ් එකේ වැඩ කළේ. එයත් එක්ක තරහක් නෑ, එයාගෙත් මාත් එක්ක තරහක් නෑ. එහෙම ඉස්කෝලෙන් ලබාදෙන තීරණයට මම ගරු කළා. මම ගිහිල්ලා ට්‍රෝෆි එක ගත්තා එච්චරයි. එතනින් එහාට ස්පීච් (speech) එකක් කළා.
ජනිත්මා කියනවා, එයාට හිමිව තිබුණු සම්මානය එයාට වඩා දුර්වල වෙන කෙනෙක්ට දුන්නා කියලා. මට මේකට කියන්න තියෙන්නෙ මේක ඉස්කෝලෙ ජජ් බෝඩ් (Judge Board) එකක් විසින් ගත්ත තීරණයක්.
එතකොට මේක එයා රියසල් (rehearsal) ආවේ නෑ කියලා වෙනස් කරපු එකක් ද කියන එක... මමත් රියසල් ගියේ එක දවසයි. සිකුරාදා උදේ විතරයි. එතකොට ඊට කලින් මේක අරන් තිබ්බ ඩිසිෂන් (decision) එකක්. එතකොට උදේ ඉස්කෝලෙ ආවේ නෑ කියලා මේ තීරණය වෙනස් වුණේ නෑ.
අභියාචනා ඉදිරිපත් කරන්න තිබ්බා කියලා දාලා තියෙනවා, ඉස්කෝලෙන් දාපු මැසේජ් එකේ. එතකොට ඒකේ සඳහන් කරලා තියෙන විදිහට මම උදුර ගත්ත දෙයක් නෙමෙයි මේක. මේක මට ඉස්කෝලෙන් ලබාදුන්න දේට මං හිස නමල ඒක පිළිගත්තා විතරයි.
මං ඒක බලෙන් ගෙන ගියේ නැහැ.
ඒ නිසා මාව බුලී (bully) කරන්න එපා. මං අදාළ නැති දෙයක් ගත්තා කියලා මට බනින්න එපා. මම මෙතනදි එහෙම දෙයක් කරලා නැහැ. මමත් ඉන්ටවීව් එකට ෆේස් කරලා, මම ජෙනුයින් (genuine) විදිහට ඉන්ටවීව් එකට ෆේස් කළා. මගේ අම්මලා තාත්තලා කවදාවත් ඉස්කෝලේ ඇතුලට ඇවිල්ල අරක ඕන, මේක ඕන කියලා බලපෑම් කරලා නෑ, කවදාවත් පෙනී ඉඳලා නැහැ.
එතකොට මම තනියෙන් ගිහිල්ලා, මම ලබා ගත්ත දෙයක් මේක. එතකොට එහෙම තියෙද්දි, මම මේකට 'Not Qualified' (සුදුසු නැහැ) කියලා මට ලැබිච්ච දේ ගැන සමාජ මාධ්‍යයේ හරියට පලවෙනවා, ගොඩක් දේවල් යනවා. එතකොට මම මේ කියන්නෙ, 'Most Outstanding' කියලා තීරණය කරන්නේ ජජ් බෝඩ් (Judge Board) එකේ තීරණය තමයි මම පිළිගත්තේ. මම මෙතැනදි කාගෙවත් දේවල් උදුරා ගත්තේ නැහැ කියන එකයි මට කියන්න ඕන."
ඇගේ හඬ පටය මෙතැනින් click here