කාලයකට ඉහතදී අන්තර්ජාලයේ ආකර්ෂණීය චරිතයක් බවට පත්වූ තිස්ස අත්තනායකගේ දුව දුල්මිණි අත්තනායක යුග දිවියට පිවිසීම පසුගියදා සිදුවිය. තිස්ස සිරගතවූ අවස්ථාවක 'ඇප ලබාගැනීම' යන්න 'ඇපල් බාගැනීම' ලෙස උච්චාරණය කිරීම නිසා එකල ඇයට විකට කතා ගෙතිණි.ඇය ගැන බලාපොරොත්තු තබාගෙන සිටි 'බෑණාවරුන්ගේ සංගමය' ක්
ගැනද එකල වාර්තා පළවූ නමුත් එම බෑණාවරුන් අතහැර කෝටිපති ව්‍යාපාරිකයෙකු හා ඇය ගිය සතියේ අතගත්තාය.සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි අත්තනායක මෙනවිය සහ ව්‍යාපාරික අනෝජ් කුමාරගේ මහතා අතර විවාහ මංගල්‍යය කොළඹ තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා දේවස්ථානයේදී පැවැත්වුණු අතර මෙම විශේෂ හමුව සිදුවූයේ එම අවස්ථාවේදීය.
මෙහිදී මනාලියගේ පාර්ශවය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත්, මනාල මහතාගේ පාර්ශවය වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් සාක්ෂි අත්සන් කිරීම සඳහා සහභාගී වූහ.
නායකයන් දෙපළ සාක්ෂි අත්සන් කිරීම සඳහා එකම මේසයක අසුන් ගෙන සිටියද, ඔවුන් අතර සුහදශීලී දීර්ඝ කතාබහක් දක්නට නොලැබුණු අතර යම් නොහොඳ නෝක්කඩුවක් පැවති ස්වභාවයක් දක්නට ලැබිණි. හිටපු ජනාධිපතිවරයා කතාබහ කිරීමට උත්සාහ දැරුවද දෙදෙනා එකිනෙකාට නිසි ලෙස මුහුණ නොදී පසමිතුරන් ලෙස කටයුතු කළ බව වාර්තා වේ.
සාක්ෂි අත්සන් කිරීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා පිටත්ව යාමට සූදානම් වූ අවස්ථාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එදින රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වන්නේ දැයි විපක්ෂ නායකවරයාගෙන් විමසා තිබේ. ඊට කෙටි පිළිතුරක් ලබාදෙමින් "බලමු" යැයි පැවසූ සජිත් ප්‍රේමදාස මහතා එම ස්ථානයෙන් පිටව ගියද, පසුව පැවති රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ඔහු සහභාගී වී නොතිබිණි.
මෙම විවාහ මංගල උත්සවය සඳහා කරු ජයසූරිය, තලතා අතුකෝරල, වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක සහ රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු දේශපාලනඥයන් රැසක් සහභාගී වී සිටියහ. කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටි බව ද වාර්තා වේ.
විවාහ උත්සවයේ චායාරූප එකතුවක් මේ සමග පළවේ. සියල්ල මෙතැනින් click here

Comments
Post a Comment
Your comment will be visible after approval