
රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් රන් දම්වැල් තොගයක් නීතිවිරෝධී ආකාරයෙන් දිවයිනට රැගෙන ආ විදේශිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සමත් වී ඇත.
අත්අඩංගුවට පත් සැකකරු 25 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතිකයෙකු බවත්, ඔහු වෘත්තියෙන් ඉන්දියාවේ හෝටල් සේවකයෙකු ලෙස කටයුතු කරන අයෙකු බවත් මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. මොහු මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ (30) අලුයම 02.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
ගුවන් තොටුපොළෙන් පිටව යාමට උත්සාහ කළ මෙම මගියා පිළිබඳව සැක සිතූ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් මොහු පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී සැකකරු විසින් පැළඳ සිටි කබාය තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ ග්‍රෑම් 750ක් බරැති රන් දම්වැල් 05ක් නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලබයි.