හොරණ, වවුලගල කාර්මික ජනපදයේ පිහිටි ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවක විශාල ගින්නක් අද (29) පෙරවරුවේ හටගෙන තිබේ. රබර් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන මෙම කම්හලේ ඇති වූ ගින්න මේ වන විටත් වේගයෙන් පැතිරෙමින් පවතින බව වාර්තා වේ.
ගින්න පාලනය කිරීම සඳහා හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකය, පොලීසිය, ප්‍රදේශවාසීන් මෙන්ම කර්මාන්තශාලා සේවකයෝ ද එක්ව කටයුතු කරමින් සිටිති. කෙසේ වෙතත්, යාබදව පිහිටි අනෙකුත් කර්මාන්තශාලා වෙත ගින්න පැතිරීමේ අවදානමක් පවතින බව අප වාර්තාකරුවෝ පවසති.
ගින්න මැඩපැවැත්වීමට දැඩි ප්‍රයත්නයක් දරමින් සිටියද, එහි ප්‍රබලත්වය හේතුවෙන් එය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතී. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.