eating-white-bread-for-breakfast-a-trigger-for-many-diseases

 වත්මන් සමාජයේ පවතින කාර්යබහුල ජීවන රටාවත් සමඟ උදෑසන ආහාර වේල සඳහා පාන් හෝ සැන්ඩ්විච් භාවිතය ඉතාම සුලබ දසුනක් බවට පත්ව තිබේ. කාලය ඉතිරි කර ගැනීමේ අරමුණින් පාසල් යන කුඩා දරුවාගේ සිට කාර්යාලයට යන වැඩිහිටියා දක්වා බොහෝ දෙනෙකු මෙම පහසු ආහාරය තෝරා ගත්තද,

දිනපතා අනුභව කරන මෙම සුදු පාන් (White Bread) ඔබේ ශරීරයට 'මන්දගාමී විෂක්' (Slow Poison) ලෙස ක්‍රියා කළ හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. විශේෂයෙන්ම පිරිපහදු කළ පිටි හෙවත් පාන් පිටිවලින් (Maida) සකසන ලද මෙම පාන්වල පෝෂණ ගුණ ඉතා අවම මට්ටමක පවතින අතර එමගින් ශරීරයට බරපතල අතුරු ආබාධ රැසක් ඇති විය හැකිය.




සුදු පාන් සතුව ඉතා ඉහළ ග්ලයිසමික් දර්ශකයක් (Glycemic Index - GI) පවතින බැවින්, එය ආහාරයට ගත් වහාම රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉතා වේගයෙන් ඉහළ යයි. මෙය ඉන්සියුලින් ක්‍රියාකාරීත්වයේ අසමතුලිතතාවයක් ඇති කිරීමට හේතු වන අතර, දීර්ඝ කාලීනව සුදු පාන් අනුභව කිරීම දෙවන කාණ්ඩයේ දියවැඩියාව (Type-2 Diabetes) වැළඳීමට ප්‍රධාන සාධකයක් බවට පත්විය හැකිය. මීට අමතරව පාන්වල අඩංගු අධික කැලරි සහ පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය හේතුවෙන් ශරීරයේ අනවශ්‍ය මේදය තැන්පත් වීම සිදුවේ. මෙහි තන්තු (Fiber) නොමැති වීම නිසා ආහාර ගැනීමෙන් පසු කුස පිරුණු ස්වභාවයක් නොදැනෙන අතර, මේ හේතුවෙන් බොහෝ දෙනා අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීමට (Overeating) පෙළඹීම තුළින් අධික තරබාරුකම ඇති වේ.

තිරිඟු ඇටයේ ඇති සියලුම ස්වාභාවික ගුණාංග ඉවත් කරමින් සකසන පාන් පිටිවල විටමින් සහ ඛනිජ ලවණ වැනි අත්‍යවශ්‍ය පෝෂක කොටස් අඩංගු නොවන අතර,


මෙය හුදෙක් ශරීරයට ශක්තිය වෙනුවට අලස බව සහ දුර්වල බව ලබා දෙන 'හිස් කැලරි' (Empty Calories) එකතු කිරීමක් පමණක් සිදු කරයි. තවද තන්තු රහිත මෙම පිටි අන්ත්‍රවල ඇලීම හේතුවෙන් ජීරණ පද්ධතියට එය දිරවීමේ අපහසුතා ඇති කරන අතර, නිතර පාන් ආහාරයට ගැනීමෙන් මලබද්ධය, ගෑස් සහ බඩ පුරවා දැමීම වැනි උදරය ආශ්‍රිත රෝග තත්ත්වයන් ද බහුලව ඇති විය හැකිය.

පාන් කල් තබා ගැනීම සඳහා යොදන කල් තබා ගැනීමේ ද්‍රව්‍ය සහ රසය වැඩි කිරීමට යොදන අධික සෝඩියම් (ලුණු) ප්‍රමාණය සෞඛ්‍යයට ඉතා අහිතකර වේ. ශරීරයට අධික ලෙස සෝඩියම් ඇතුළු වීම රුධිර පීඩනය ඉහළ නැංවීමට සෘජුවම බලපාන අතර, එය අනාගතයේදී හෘද රෝග ඇති වීමේ අවදානම ද සැලකිය යුතු ලෙස ඉහළ නංවයි. එබැවින් මෙම තොරතුරු සාමාන්‍ය දැනුවත් කිරීමක් ලෙස සලකා, සෞඛ්‍ය ගැටලු හෝ පෝෂණය පිළිබඳ වැඩිදුර උපදෙස් සඳහා සෑම විටම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය.
(එන්ඩීටීවී හෙල්ත් ඇසුරිනි)