කුඹුක්කන ප්‍රදේශයේදී දැඩි ගංවතුර තත්ත්වයක් මධ්‍යයේ මගී ජීවිත අවදානමට ලක් කරමින් ධාවනය කළ මොණරාගල සිට කොළඹ බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
මෙම ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් අදාළ බස් රථයේ හිමිකරු මෙන්ම රියදුරු සහ කොන්දොස්තර ඇතුළු කාර්ය මණ්ඩලය පසුගිය බදාදා දිනයේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත කැඳවා කරුණු විමසීමට කටයුතු කර ඇත.
එහිදී සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු සහ ඔවුන්ගේ වගකීම් විරහිත හැසිරීම පදනම් කරගනිමින්, අදාළ බස් රථයේ මාර්ග බලපත්‍රය සති දෙකක කාලසීමාවක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට කොමිෂන් සභාව තීරණය කළේය.
මීට අමතරව මගීන්ගේ ආරක්ෂාව නොතකා ක්‍රියා කිරීමේ චෝදනාව මත අදාළ බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට දඩුවම් ලබා දෙමින් ඔවුන්ගේ සේවය මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නියෝග නිකුත් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval