demands 10 billion in compensation from Mahinda Pathirana after asking where the money was for buying houses in Watagala

මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා විසින් පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන මහින්ද පතිරණට එරෙහිව කඩුවෙල දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ. මෙම අපහාස නඩුව මගින් රුපියල් බිලියන 10 ක වන්දි මුදලක් ඉල්ලා ඇත.




පැමිණිල්ලේ සඳහන් වන්නේ, පසුගිය දිනක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඉලක්ක කරමින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් ඔහුට දැඩි අපහාසයක් සිදුව ඇති බවය. මහින්ද පතිරණ මහතා 2025 සැප්තැම්බර් මාසයේදී සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබුණේ, කොළඹ සිනමන් ලයිෆ් නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී නිවසක් නියෝජ්‍ය අමාත්‍යවරයා සතු බවත්, එය අල්ලසක් මගින් ලබාගත් සැක සහිත නිවසක් බවත්ය.

කෙසේවෙතත්, සුනිල් වටගල මහතා අධිකරණයට දන්වා ඇත්තේ, මහින්ද පතිරණගේ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා ද්වේෂ සහගත එකක් බවයි. තවද, තමන්ටත්, තමන්ගේ දේශපාලන ව්‍යාපාරයටත් අපකීර්තියක් එක් කිරීමේ අරමුණින් මහින්ද පතිරණ සිතාමතාම මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.




මෙම අසත්‍ය ප්‍රකාශය නිවැරදි කරන ලෙසට හෝ ඒ වෙනුවෙන් වන්දි ගෙවන ලෙසට දන්වා මීට පෙර යවන ලද එන්තරවාසිය මහින්ද පතිරණ මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.