පේරාදෙණිය සහ සරසවි උයන දුම්රිය ස්ථාන අතර මහවැලි ගඟ හරහා ඉදිකර ඇති, බොහෝ දෙනා 'කළු පාලම' ලෙස හඳුන්වන දුම්රිය පාලම පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් දැඩි හානියකට ලක්ව තිබේ. දැනට සිදුකර ඇති මූලික නිරීක්ෂණවලට අනුව මෙම පාලම නැවත අලුත්වැඩියා කිරීමට පවා නොහැකි මට්ටමේ බරපතල තත්වයක පවතින බව පෙනී ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා සඳහන් කළේ, පාලමේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය වුවද ඒ සම්බන්ධයෙන් වන නිවැරදි හා අවසන් තීරණය අද දිනයේදී ගැනීමට නියමිත බවයි.
අලුත්වැඩියා කටයුතු සිදු කිරීමේ ප්‍රායෝගික හැකියාව පිළිබඳව තාක්ෂණික ඇගයීම්වලින් පසුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කෙරෙනු ඇත.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ පේරාදෙණිය ප්‍රදේශයේ මහවැලි ගඟ හරහා වැටී ඇති මෙම දුම්රිය මාර්ග පද්ධතිය ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව පවතී.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පැවසුවේ එම පාලම අලුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවට නිරීක්ෂණය වන නමුත් ඒ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගතහැකි බවයි.
“අපි බලාපොරොත්තු වෙනවා සඳුදා ඉදලා පාලමේ ඇල වෙච්ච කොටස මොන විදියට ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් වෙයිද කියන එක තීරණය කරන්න. එ් අනුව තමයි සැලසුම් ඉස්සරහට යන්නේ. බොහෝ විට නව පාලමක් විදියට තමයි අපි ඉස්සරහට යන්න සැලසුම් කරලා තියෙන්නේ. ද්විත්ව මාර්ගයක් ලෙස හදන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. මොකද මේ පාලම තාවකාලිකව නඩත්තු කිරීම එතරම් සුදුසු නැති තත්ත්වයක තමයි තියෙන්නේ.”
Comments
Post a Comment
Your comment will be visible after approval