ඇල්ල පොලිස් වසමට අයත් තුන කණුව ප්‍රදේශයේ පිහිටි දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය පුංචි ශ්‍රීපාද කන්ද නැරඹීමට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ඊයේ (18) පස්වරුවේ ප්‍රපාතයකට ඇද වැටීමෙන් බරපතල අනතුරක් සිදුව තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වයස අවුරුදු 32 ක් වන කැතරින් ඇලිස් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන අතර ඇය කන්ද තරණය කරමින් සිටියදී අඩි 50 ත් 100 ත් අතර ප්‍රපාතයකට ඇද වැටී ඇති බව ඇල්ල පොලිසිය සඳහන් කරයි.
ප්‍රපාතයට වැටී තුවාල ලබා සිටි විදෙස් කාන්තාව බේරා ගැනීම සඳහා ඇල්ල ප්‍රදේශයේ හෝටලයක CREW විශේෂ ගලවා ගැනීමේ කණ්ඩායමක් සහ ඇල්ල පොලිසියේ නිලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා කටයුතු කර ඇත.
ඉතා අසීරුවෙන් ප්‍රපාතයෙන් ඉහළට ගනු ලැබූ මෙම කාන්තාව 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ඔස්සේ කඩිනමින් බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.Video Click here


Comments
Post a Comment
Your comment will be visible after approval