කොළඹ මහ නගර සභා විපක්ෂ නායක රිසා සාරුක් මහතා අද (31) පැවති අයවැය ඡන්ද විමසීම ගැන අදහස් දක්වා තිබුනේ පහත පරිදිය. "අද දින, 2025 වසර සඳහා වන කොළඹ නගර සභාවේ අයවැය පාලක පක්ෂය ජයග්‍රහණය කළා.
ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් අපිට කියන්න දෙයක් තියෙනවා. අද දිනයේ අපේ ගරු මන්ත්‍රීවරයෙක්ව නාරාහේන්පිට පොලිසියෙන් උදෙන්ම ගෙදරට ගිහින්, අරගෙන ගිහින් රඳවාගෙන තිබුණා.පස්සේ අපේ මැති ඇමතිවරු මැදිහත් වෙලා කතා කරලා, ඡන්දෙට පෙර අවසන් මොහොත වෙනකොට එතුමාට එන්න අවස්ථාව ලැබුණා. එතුමාට ඡන්දය ප්‍රකාශ කරගන්න පුළුවන් වුණා. ඒ වගේම තවත් මන්ත්‍රීවරු දෙන්නෙක් අතුරුදහන්. ඒ මන්ත්‍රීවරු දෙන්නාගේ ගෙවල්වලට ගිහින් බැලුවත් ඒ අය නැහැ. ඒ මන්ත්‍රීවරුන්ගේ දුරකථනත් අක්‍රිය වෙලා තියෙන්නේ. එතකොට එතනත් අපිට ඡන්ද දෙකක් අහිමි වුණා.ඒ වගේම තවත් මන්ත්‍රීවරයෙක්ගේ භාර්යාවට හදිසියේ අවාසනාවන්ත ලෙස හෘදයාබාධයක් වැළඳී, තත්ත්වය බොහොම අසාධ්‍ය වූ නිසා ඡන්දය පාවිච්චි කිරීම පසෙකලා එතුමාට එතැනින් නික්ම යන්නට වුණා. ඒක ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වගේම අපිත් එක්ක ඒකාබද්ධ විපක්ෂයේ හිටපු ගරු මන්ත්‍රීතුමියක් ඡන්දය පාවිච්චි කළේ ආණ්ඩු පක්ෂයත් එක්ක. ඉතින් අපිට හිතාගන්න පුළුවන් මොකක්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. නමුත් මේගොල්ලන් කරපු වැඩෙන් අපිටත් අපේ යම් යම් කතා බහ කිරීම් තිබුණා, ඒවා කරගන්න බැරි වුණා. අපිටත් ඕනේ වුණේ ඡන්දය ඉක්මනින් ඉවර කරලා යන්න. මොකද අර මන්ත්‍රීතුමාගේ භාර්යාව අසාධ්‍ය තත්ත්වයේ ඉන්නවා. ඒ වගේම අර මන්ත්‍රීවරු දෙදෙනාව අපිට ළඟා කරගන්න බැහැ. තවමත් ඒ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ෆෝන් අක්‍රියයි. හොයාගන්න නැහැ මොකක්ද වුණේ කියලා.
ඔව් ඉතින් මෙහෙමනේ, කෝඩිනේට් කරනවා කියන්නේ අපි අනිත් කට්ටිය වගේ ගෙවල්වලට ගිහිල්ලා, මන්ත්‍රීවරුන්ගේ පස්සෙන් ගිහිල්ලා, ආරක්ෂාව දීලා එහෙම මුකුත් කළේ නැහැ. හැබැයි අපිට ආරංචියි ඔය එන්.පී.පී (NPP) එකේම ගරු මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලට රෑ 10-11 වෙනකම් ආරක්ෂාව දාලා, බුද්ධි අංශය දාලා, ඒගොල්ලන්ගේ බුද්ධි සේවාවක් දාලා තමයි ඒ අයව රැකගෙන තියෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ.
ඉතින් ඒ නිසා අපි අපේ අයව විශ්වාස කළා. එහෙම ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. මෙතන මොකක් හරි වෙලා තියෙන සෙල්ලම අපි ඉස්සරහට එළිදක්වනවා. ඒ නිසා අපි සැලෙන්නේ නැහැ, අපිට බහුතරය තියෙනවා.
අපි මතක් කරන්න කැමතියි එදා පළවෙනි වරට අයවැය පරාජයට පත් වෙච්ච මොහොතේ ගරු නගරාධිපතිතුමිය ප්‍රකාශ කළේ මොකක්ද කියලා. එතුමිය කිව්වා "හෘද සාක්ෂියට තට්ටු කරලා බලන්න" කියලා. අපි දැන් එදා වගේම අදත් අහනවා, එතුමිය අද දිනයේ බහුතරය ලබා ගත්තේ හෘද සාක්ෂියට එකඟවද, නැත්නම් හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න කියන්න පුළුවන්ද කියලා.
ඒ නිසා අපි සැලෙන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයක් හැටියට අපේ නියම කාර්යභාරය කොළඹ නගර ජනතාව වෙනුවෙන් අපි කරනවා. අද අපි පැරදුණේ අපිට බහුතරය නැතිකම නිසා නෙවෙයි. යම් යම් මන්ත්‍රීවරුන්ගේ නොපැමිණීම මත තමයි අපිට මේක පරාජය වෙන්න වුණේ. ඒ නිසා අපි ඉදිරියටත් මේ බහුතරය රැක ගනිමින් අපේ කටයුතු කරනවා. මොකද අද අපි අයවැය පරාජය කළා කියලා නගරාධිපතිතුමිය ගෙදර යන්නේ නැහැනේ. පවතින නීතියට අනුව අයවැය පරාජය වුණත් නගරාධිපතිතුමිය අසුනේ ඉන්නවා. ඒ නිසා අපි වැඩිය කලබල වෙන්න අවශ්‍ය නැහැ. එතුමියගේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න කියන්න කැමතියි අද දිනයේ ඒගොල්ලෝ බහුතරය ගත්තේ කොහොමද කියලා. බොහොම ස්තූතියි.
මම හිතන්නේ දුහාරා මන්ත්‍රීතුමිය. මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමියක්. අපි එතුමියට බොහොම ගරු කරනවා. එතුමිය හිටි හැටියෙන්ම මේ වගේ ඡන්දය පාවිච්චි කළේ ඇයි කියන එක ප්‍රශ්නයක්. මොකද අපි ගෙදරට ගිහිල්ලා, ඉඳගෙන, පස්සෙන් ඉඳලා "ඡන්දේ දීපන්" කියලා කියන තත්ත්වයක් අපේ නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදීනේ. ඒ නිසා එතුමිය තේරුම් ගන්න ඕනේ, එතුමිය මේ පත් වුණේ ලැබුණු බෝනස් අසුනකින්. පක්ෂය විශ්වාස කරලා, පක්ෂ නායකතුමා විශ්වාස කරලා තමයි මෙතුමියව පත් කරලා තිබුණේ. එතුමිය පක්ෂ නායකයන්ට පිටුපාපු කෙනෙක් විදිහටයි කටයුතු කරලා තියෙන්නේ. කොහොම වුණත් ඒ ඡන්දෙත් අපිට ඉස්සරහට ලැබෙනවා."