අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය සී.බී.රත්නායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (16) නියෝග කළේය.
ඔහුට මුදල් විශුද්ධීකරණ පනත යටතේ දූෂණ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.
මහතා ක්‍රීඩා, පුද්ගලික ප්‍රවාහන සහ පශු සම්පත් යන අමාත්‍යංශවල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රුපියල් ලක්ෂ 573කට අධික මුදලක් අයථා ලෙස උපයා ගත් බවට හා වසර දෙකක් වැනි කෙටි කාලසීමාවක් තුළ නීත්‍යානුකූලව උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ රුපියල් කෝටි පහකට අධික වත්කම් (රු. 57,347,956.98) සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත අල්ලස් පනතේ 23 (අ) (1) වගන්තිය යටතේ චෝදනා ගොනු කර තිබිණි.
2015 වසරේ මාර්තු මස ලැබුණු නිර්නාමික පෙත්සමක් පදනම් කරගනිමින් මෙම
විමර්ශනය ආරම්භ කර ඇති අතර, 2011 මාර්තු 31 සිට 2013 මාර්තු 31 දක්වා කාලය
තුළ සැකකරු විසින් අදාළ මුදල නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගෙන ඇති බව
අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දැක්වීය. රාගල ප්‍රදේශයෙන් කෝටි ගණනක
වටිනාකමින් යුත් ඉඩමක් මිලදී ගැනීම,
'එන් බී ආර් සන්' නමින් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම, තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීම මෙන්ම හිතවතුන්ගේ ඩුබායි සංචාර සඳහා මුදල් වියදම් කිරීම සහ මියගිය සොහොයුරකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබා ගැනීම ඇතුළු කරුණු රැසක් 2023 අංක 19 දරන දූෂණ විරෝධි පනත යටතේ ගොනුකළ මෙම චෝදනාවලට ඇතුළත් වේ.
මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරු රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර, ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කරනු ලැබීය.
Comments
Post a Comment
Your comment will be visible after approval