kosgoda-train-accident

ඊයේ (අප්‍රේල් 27) සවස කොස්ගොඩ, පියගම ලී මෝල අසල දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇත. සවස 4.30 ට පමණ බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.





අනතුරට ලක්ව බළපිටිය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූවන් අතර, මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ බළපිටිය, වැලිතර පදිංචි 38 හැවිරිදි කසුන් ධනුෂ්ක ද සිල්වා මහතා, ඔහුගේ 11 හැවිරිදි පුතා සහ මහපිටිය, කොස්ගොඩ පදිංචි 59 හැවිරිදි පුෂ්පා ප්‍රේමලතා ද සිල්වා මහත්මිය වෙති.




කෙසේ වෙතත්, අනතුරින් බරපතල තත්ත්වයේ පසු වූ මෝටර් රථයේ රියදුරු වන කසුන් ධනුෂ්ක ද සිල්වා මහතා (38) ඊයේ (අප්‍රේල් 28) පෙරවරුවේ වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇතැයි බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම අනතුර සිදුව ඇත්තේ දුම්රිය හරස් මාර්ගය සඳහා සවිකර තිබූ වර්ණ සංඥා නොතකා මෝටර් රථය ධාවනය කිරීම හේතුවෙන් බව කොස්ගොඩ පොලීසිය මේ දක්වා සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. කොස්ගොඩ පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද සිල්වා මහතා ඇතුළු පොලිස් කොස්තාපල් එරන්ද (70810) යන නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.