
මහජනතාවට බාධාවක් හා පීඩාවක් වන අයුරින් අධික ඝෝෂාකාරී ලෙස සහ තනි රෝදයෙන් යතුරුපැදි ධාවනය කළ බාලවයස්කාර තරුණයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 12 දෙනෙකු කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් භාරයට ගත් යතුරුපැදි 12න් තුනකම ලියාපදිංචි අංක තහඩු ද නොතිබූ බව පොලිසිය සඳහන් කරයි.
WhatsApp සමූහයක් හරහා සංවිධානය වී ඇති මෙම තරුණයන් පිරිස, රාත්‍රී කාලයේදී දියගම - මත්තේගොඩ මාර්ගයේ සහ හොරණ - කොළඹ මාර්ගයේ කෝරල ඉම ප්‍රදේශයේ යුගල වශයෙන් තරගයට යතුරුපැදි ධාවනයේ යෙදී ඇත.
කහතුඩුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. කේ. ජගත් මහතාට ලැබුණු තොරතුරකට අනුව, උපාය දූතයකු අදාළ WhatsApp සමූහයට රහසිගතව යොමු කර 'අයියෙ මාවත් මේකට ගන්න' කියාගෙන විස්තර අසා දැනගෙන මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් බාලවයස්කාර තරුණයන්ට යතුරුපැදි ලබා දුන් එහි ලියාපදිංචි හිමිකරුවන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. කිරිගම්පමුණුව, වෙනිවැල්කොළ, කුඹුක සහ හෝමාගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval