body-of-brother-who-fell-into-malwathu-oya-found-sister-still-missing

 මොරටුව ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණ, සිය දරු දෙදෙනා සමඟ මල්වතු ඔයට පැන සියදිවි නසා ගැනීමට තැත් කළ මවකගේ අතුරුදහන්ව සිටි පිරිමි දරුවාගේ මළ සිරුර අනුරාධපුර, මිහිඳුපුර ප්‍රදේශයේදී සොයාගෙන ඇත.



අනුරාධපුර කොට්ඨාස පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය සඳහන් කළේ මල්වතු ඔයේ අකුලක සිරවී තිබියදී මෙම දරුවාගේ සිරුර ගොඩගත් බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිෂුක මීරියගල්ල නමැති 8 හැවිරිදි පිරිමි දරුවෙකි.




කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් අතුරුදහන් වූ සිතුල්යා මීරියගල්ල නමැති අවුරුදු හතරහමාරක් වයසැති දියණිය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම් කිහිපයක් බෝට්ටු යොදා ගනිමින් සහ ජලයේ කිමිදෙමින් ඇය සොයා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී.

මීට දින පහකට පමණ ඉහතදී මෙම මව සිය දරුවන් දෙදෙනා ද කැටුව අනුරාධපුරයට පැමිණ, බණ්ඩාරනායක මාවතේ පිහිටි මිහිඳුපුර පාලම අසලින් මල්වතු ඔයට පැන මෙම අනතුර සිදුකරගෙන තිබිණි.