
'දිට්වා' සුළි කුණාටුව සහ ඒ සමග ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ කර්මාන්ත ක්ෂේත්‍රය නැවත නඟාසිටුවීම සඳහා රජය විසින් විශේෂ සහන වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබේ. ඒ අනුව හදිසි ආපදාවෙන් හානියට පත් වූ ඕනෑම කර්මාන්තයක් නැවත ආරම්භ කර පවත්වාගෙන යෑමට අවශ්‍ය මූලික පසුබිම සකසා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක මූල්‍ය ආධාරයක් ලබා දීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා අදාළ කර්මාන්තකරුවන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ හෝ ඒ යටතේ ක්‍රියාත්මක වන ආයතනයක ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය (NEDA), කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED), ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය (NPS) මෙන්ම ජාතික ශිල්ප සභාව (NCC) සහ ජාතික මෝස්තර මධ්‍යස්ථානය (NDC) යන ආයතනවල ලියාපදිංචි වී ඇති ආපදාවට ලක්වූ කර්මාන්තකරුවන්ට මෙම රුපියල් ලක්ෂ දෙකක දීමනාව සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව හිමි වේ. www.industry.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන ව්‍යවසායකත්ව සංවර්ධන, කුඩා ව්‍යාපාර සංවර්ධන, අපනයන සංවර්ධන සහ ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරීන් මාර්ගයෙන් මෙම ඉල්ලීම් ඉදිරිපත් කළ හැකිය.
මීට අමතරව හානියට පත් කර්මාන්ත පිළිබඳ නිවැරදි දත්ත ලබාගෙන ඒවා යළි නගාසිටුවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා තොරතුරු රැස් කිරීමේ ක්‍රමවේදයක් ද අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට සහ විමසීම් සඳහා 071-2666660 යන විශේෂ දුරකතන අංකය විවෘතව පවතී. ආපදාවට ලක්වූ සියලුම කර්මාන්තකරුවන් දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2.00ට පෙර තම ව්‍යාපාරික තොරතුරු යාවත්කාලීන කළ යුතු බව අමාත්‍යාංශය දැනුම් දෙයි. එම තොරතුරු ඇතුළත් කිරීම සඳහා අමාත්‍යාංශ වෙබ් අඩවිය හෝ https://aid.floodsupport.org/business-impact යන සබැඳිය භාවිත කළ හැකි අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ සහාය ද ඊට ලබාගත හැකිය. මෙම දත්ත පදනම් කරගෙන විපතට පත් කර්මාන්ත සඳහා ඉදිරි සහාය සහ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval