unp-and-sjb-hold-special-discussion-under-the-leadership-of-sajith-premadasa

එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සහ සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ප්‍රධාන සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී රට හමුවේ ඇති ජාතික අභියෝග මෙන්ම, අනාගතය අරමුණු කරගත් ප්‍රතිපත්ති උපායමාර්ග සකස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.




මෙම හමුවට සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාට අමතරව, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වන අකිල විරාජ් කාරියවසම් මහතා හා නවීන් දිසානානායක මහතා ද සහභාගී වී ඇත.

ඒ පිළිබඳව 'X' සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, "අපගේ මව්බිම මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් ඵලදායී හා නිර්මාණාත්මක සාකච්ඡා පැවැත්වුණා. ජාතික අරමුණු කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීම සඳහා නව්‍ය ප්‍රතිපත්ති නිර්දේශ සකස් කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය වුණා." යනුවෙනි.




සජබ සහ එජාප අතර විය හැකි සන්ධානයක් පිළිබඳව වැඩිවන කතාබහක් පවතින පසුබිමක මෙම සාකච්ඡාව පැවැත්වීම විශේෂත්වයකි.