250-million-from-the-bandaranaike-foundation-to-the-disaster-fund

 හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සහ ඔවුන් නැවත නගා සිටුවීම වෙනුවෙන් රජය විසින් ස්ථාපිත කර ඇති විශේෂ අරමුදල සඳහා රුපියල් මිලියන 250ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම කටයුතු කර තිබේ.මේ සදහා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය

මූලිකත්වය ගෙන ඇය සමග පදනමේ භාරකාර මන්ඩලය අගමැතිනිය හමුවී පරිත්‍යාගය සිදුකර ඇත.

එම පදනම විසින් පිරිනමනු ලැබූ මෙම මුදල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙත නිල වශයෙන් භාර දීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරිණි. ආපදාවෙන් විපතට පත් පුරවැසියන්ගේ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ ජාතික වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් මෙම පරිත්‍යාගය සිදු කර ඇත.




මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා ද සහභාගී විය. ඊට අමතරව බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන සාමාජික සාමාජිකාවන් පිරිසක් ද මෙම මුදල් ප්‍රදානය සිදු කළ අවස්ථාවට එක්ව සිටියහ.

මෙම පරිත්‍යාගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සුබවාදී ප්‍රතිචාර දක්වා ඇති අතර හිටපු ජනපතිනිය වත්මන් රජය ගැන විශ්වාසය තබා වත්මන් අගමැතිනිය හමුවී මුදල් භාරදීම අගය කර ඇත.
මෙම අවස්ථාවේ ඡායාරූප එකතුව මෙතැනින් click here