දතක් ගැලවීමේ ප්‍රතිකාරයකින් අනතුරුව ඇතිවූ සංකූලතාවයක් හේතුවෙන් 20 හැවිරිදි තරුණියක් පසුගිය ඉරිදා (28) රාත්‍රියේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. පොකුණුවිට, බණ්ඩාරහේන ප්‍රදේශයේ පදිංචිව සිටි කොට්ටේගේ දෙව්මි මදූෂිකා නම් තරුණියක් මෙලෙස මියගොස් ඇති බව හොරණ හදිසි මරණ පරීක්ෂණ අධිකරණය වාර්තා කරයි.
දත් කැක්කුමක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා මෙම තරුණිය පසුගිය 14 වනදා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ගොස් තිබේ. එහිදී ඇයගේ උඩු ඇන්දේ දතක් ගැලවීමට අදාළ වෛද්‍යවරයා කටයුතු කර ඇති අතර, එම ප්‍රතිකාරයෙන් පසුව ඇයට දිගින් දිගටම වමනය සහ උදරයේ වේදනාවක් හටගෙන ඇත.
ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් 15 වනදා නැවතත් අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ප්‍රතිකාර සඳහා ගොස් ඇති අතර, එහිදී සිදුකළ පරීක්ෂාවලදී ඇයගේ රුධිර පීඩනය අඩුවී ඇති බව වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් නිරීක්ෂණය කර තිබේ. එම අවස්ථාවේදී රෝගියාගේ තත්ත්වය බරපතල බව වටහා ගත් වෛද්‍යවරුන් ඇයව වහාම රෝහල්ගත කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ඇය රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.
ඇගේ මරණයට හේතුව තවම පරීක්ෂණ මට්ටමින් පවතී.