අද (26) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරන ලදී. ඒ, එහි බෝම්බයක් ඇති බවට නිර්නාමික ඊමේල් පණිවිඩයක් මගින් තර්ජනයක් එල්ල වීම හේතුවෙනි.
මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය ද යොදවා තිබේ. අදාළ පරිශ්‍රය සෝදිසි කර ආරක්ෂාව තහවුරු කිරීම ඔවුන්ගේ අරමුණයි. වාර්තා වන පරිදි, මේ වන විටත් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.