a-commotion-at-boossa-prison

 බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයාට රැඳවියන් දෙදෙනෙකු විසින් පහර දීමක් සිදු කර ඇති බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි. මෙම පහරදීමත් සමඟ බන්ධනාගාරය තුළ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන තිබේ.



දහවල් ආහාරය ප්‍රමාද වීම, රැඳවියන්ගේ සිර මැදිරි මාරු කිරීම සහ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධය පළ කරමින් රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන ඇත. එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරීම සඳහා සහකාර බන්ධනාගාර අධිකාරිවරයා අදාළ ස්ථානයට පැමිණ තිබේ.




එහිදී රැඳවියන් දෙදෙනෙකු විසින් සහකාර අධිකාරිවරයාගේ මුහුණට පහර දී ඇති අතර, ඉන් ඔහුගේ නාසයෙන් රුධිරය වහනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත යොමු කර ඇත. මෙම සිදුවීමත් සමඟ බන්ධනාගාරය තුළ පැවති උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වී තිබේ.

කෙසේ වෙතත්, ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා ගාල්ල බන්ධනාගාරයෙන් ද නිලධාරීන් පිරිසක් කැඳවීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව සවස් වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කර තත්ත්වය පාලනය කිරීමට නිලධාරීන් සමත් වී ඇත.