76000-displaced-people-still-in-disaster-camps

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපෑ ආපදා තත්ත්වය නිසා සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව ඊයේ (28) පස්වරුව වන විට 638ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි. එමෙන්ම, පුද්ගලයන් 175 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බවද එම මධ්‍යස්ථානය පවසයි.




ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 149,460කට අයත් පුද්ගලයන් 499,671 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටින බවයි.

මේ අතර, ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 10,340කට අයත් පුද්ගලයන් 76,801ක් තවදුරටත් ආරක්ෂිත ස්ථාන 358ක රැඳී සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. ඊට අමතරව, තවත් පවුල් 76,801ක පුද්ගලයන් 267,700ක් ඥාතීන්, මිතුරන් හෝ වෙනත් ස්ථානවල රැකවරණය ලබාගෙන ඇති බවද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.




ආපදා තත්ත්වයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර, එහි පුද්ගලයන් 241ක් ජීවිතක්ෂයට පත්වී 69 දෙනෙකු අතුරුදන්ව ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 89ක් සහ අතුරුදන්වීම් 10ක් වාර්තා වන අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 80ක් සහ අතුරුදන්වීම් 33ක් වාර්තා වේ.



තවද, මෙම ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 6,121ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, තවත් නිවාස 114,314කට අර්ධ වශයෙන් හානි සිදුවී තිබේ.