
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තායිලන්ත ජාතික කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වැල්ලවත්ත පොලිසිය කටයුතු කර තිබේ.
පොලිසියට ලද තොරතුරක් මත වැල්ලවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම හදිසි වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට පත් විදෙස් ජාතික සැකකාරියන් වයස අවුරුදු 34, 36 සහ 38 යන වයස්වල පසුවන තායිලන්ත ජාතිකයින් බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු වැල්ලවත්ත පොලිසිය විසින් මේ වන විට ආරම්භ කර ඇත.
