water-supply-to-kandy-interrupted-after-gatambe-water-treatment-plant-submerged

 ගැටඹේ පිහිටි මහනුවර ජල පවිත්‍රාගාරය මේ වන විට ගංවතුරින් යටවී ඇති බැවින් මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය තුළ ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වී ඇති බව මහනුවර මහ නගර සභාව විසින් නිල වශයෙන් දැනුම් දී සිටියි. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ

මෙම අත්‍යවශ්‍ය යටිතල පහසුකම් පද්ධතිය අඩපණ වීම හේතුවෙන් නගර සීමාවේ ජනතාවට සිදුවන ජල සැපයුම් බාධාව පිළිබඳව බලධාරීන් මහජනතාවගේ අවධානය යොමු කර ඇත.




මේ අතර මහවැලි ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව පවතින ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් යටිනුවර සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. අදාළ අංශ නිකුත් කළ නිවේදනවලට අනුව ඉදිරි පැය 24 ඇතුළත මහවැලි ගඟ ආශ්‍රිත මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි පහත්බිම් ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.