වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් නොවැම්බර් මස 29 වැනි දින පස්වරු 6:30 ට නිකුත් කරන ලද දිවයිනේ ප්‍රධාන ගංගාවල ජල මට්ටම් සහ වර්ෂාපතන වාර්තාවට අනුව ගංගා ද්‍රෝණි කිහිපයක ගංවතුර තත්ත්වයන් හඳුනාගෙන තිබේ. මෙම දත්ත වලට අනුව කැලණි ගඟ, කළු ගඟ, අත්තනගලු ඔය සහ යාන් ඔය යන ගංගා ද්‍රෝණිවල ඇතැම් ස්ථාන ආශ්‍රිතව ගංවතුර අවදානම් මට්ටම් ඉක්මවා ගොස් ඇත.
විශේෂයෙන්ම කැලණි ගංගා ද්‍රෝණියේ හංවැල්ල ජල මාපකය ආශ්‍රිතව මහා ගංවතුර (Major Flood) තත්ත්වයක් වාර්තා වී ඇති අතර එහි ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව නිරීක්ෂණය වී තිබේ. නාගලගම් වීදිය ප්‍රදේශයෙන් සුළු ගංවතුර (Minor Flood) තත්ත්වයක් වාර්තා වන අතර එහිද ජල මට්ටම ඉහළ යන ප්‍රවණතාවයක් පවතී. ග්ලෙන්කෝස් ප්‍රදේශයේ ද මහා ගංවතුර තත්ත්වයක් පැවතියද මේ වන විට එම ජල මට්ටම පහළ බසින බව දක්නට ලැබෙන අතර,
කිතුල්ගල ප්‍රදේශය මේ වන විට අවදානම් (Alert) මට්ටමේ පවතින අතර ජල මට්ටම ඉහළ යමින් පවතී.
කළු ගඟ ද්‍රෝණිය සැලකීමේදී එහි අතු ගංගාවක් වන කුඩා ගඟ, කළවැල්ලාව (මිල්ලකන්ද) ජල මාපකය ආශ්‍රිතව මහා ගංවතුර මට්ටමක් සටහන් කර ඇත. රත්නපුර ප්‍රදේශයෙන් කළු ගඟේ සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වන නමුත් එය පහළ බසිමින් පවතින අතර, පුටුපවුල ප්‍රදේශය අවදානම් මට්ටමේ පසුවන අතර එය ඉහළ යමින් පවතී. මීට අමතරව අත්තනගලු ඔය ද්‍රෝණියේ දූනමලේ ප්‍රදේශයෙන් මහා ගංවතුර තත්ත්වයක් වාර්තා වී ඇති නමුත් එම ජල මට්ටම පහළ බසින බව වාර්තා වේ.
යාන් ඔය ද්‍රෝණියේ හොරොව්පතාන ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වන අතර එහි ජල මට්ටම ද පහළ යමින් පවතී. නිල්වලා ගඟේ තල්ගහගොඩ ප්‍රදේශය අවදානම් (Alert) මට්ටමේ පසුවුවද ජල මට්ටම පහළ බසින ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. මහවැලි ගඟ, වලවේ ගඟ, කිරිඳි ඔය, මැණික් ගඟ, කුඹුක්කන් ඔය, මාදුරු ඔය සහ දැදුරු ඔය ඇතුළු සෙසු ප්‍රධාන ගංගා ද්‍රෝණිවල ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය තත්ත්වයේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
සම්පූර්ණ වාර්තාව වගුව බලන්න click here


Comments
Post a Comment
Your comment will be visible after approval