update-chamikas-involvement-with-air-hostess-x-female-pilot-who-is-to-blame-on-social-media

 පෙරේදා කොළඹ අධිකරණයේදී විභාගයට ගැනුණ නඩු විභාගයකදී ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න තමන්ට දරුවෙකු දී පීතෘත්වය මගහරින බවට ගුවන් සේවාවකට සම්බන්ධ කාන්තාවක චෝදනාවක් සිදු කෙරිණි.
මුලදී ඇය ගුවන් සේවිකාවක ලෙස මාධ්‍ය වල වාර්තා පළවූවද ඇත්ත වශයෙන්ම ඇය ගුවන් නියමුවරියක බව දැන් තහවුරු කළ වාර්තා පළව තිබේ.ඇය ගුවන් නියමුවරියක ලෙස සැරසී සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ වීඩියෝ පටයක්ද මේ වනවිට හුවමාරුවෙමින් පවතී.


මෙම පටලැවිල්ල ගැන සමාජ මාධ්‍ය තුළ පළවූ විවේචන වලදී ගුවන් සේවිකාවන් සම්බන්ධ විශාල දෝෂාරෝපණයක්ද එල්ලවූ අතර ඇගේ පැත්තට වරද පටවා ඇතැම් අදහස් පළ විය. නමුත් මෙම සිද්ධිය දෙස වෙනත් කෝණ වලින් විචාර සපයා ඇති ඇතැම් අය ඇගේ වරදක් ලෙස මෙය දැක නැත.

තමන් සමඟ විවාහ වන ලෙස හෝ එසේ නොමැති නම් තම දරුවා වෙනුවෙන් නඩත්තු මුදල් ගෙවන ලෙස ඉල්ලා මෙම ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවරිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත. මෙම පැමිණිල්ල පසුගිය 21 වන දින අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසරත්න මහතා විසින් අදාළ නඩුව දෙසැම්බර් මස 08 වන දින නැවත කැඳවීමට නියෝග කරන ලදී. එදින නඩු විභාගය සඳහා චාමික කරුණාරත්න මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහු රෝගාතුරව සිටින බව ඔහුගේ නීතිඥවරයා විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.




පැමිණිලිකාර ගුවන් නියමුවරිය සඳහන් කරන පරිදි, විවාහ වීමේ පොරොන්දුව මත ඇය සහ චාමික කරුණාරත්න මහතා අතර සමීප සම්බන්ධතාවයක් ගොඩනැගී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට දරුවෙකු ලැබී තිබේ. කෙසේ වෙතත්, පසුව ඔහු විවාහ ගිවිස නොගෙන තමන් සහ දරුවා මගහැර සිටින බව ඇය සිය පැමිණිල්ල මගින් පවසා සිටී. ඇයගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ ඔහු තමන්ව විවාහ කර නොගන්නේ නම් දරුවාගේ නඩත්තුව වෙනුවෙන් වගකීම භාර ගත යුතු බවයි. 

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිදුවීම විවිධ කෝණවලින් විග්‍රහ කෙරෙමින් පවතින අතර, බොහෝ දෙනා මෙය හුදෙක් ඕපාදූපයක් ලෙස රස වින්දද, මෙහි නීතිමය සහ මානුෂීය පැතිකඩ ඉතා ගැඹුරු එකකි.

මෙම සිදුවීමට මුහුණ දී සිටින කාන්තාව A320 සහ A330 වැනි ගුවන් යානා මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පළමු පෙළ ගුවන් නියමුවරියක් වීම විශේෂත්වයකි. ඇයගේ සොයුරියද ගුවන් නියමුවරියකි.
ඇය ගුවන් නියමුවරියක ලෙස සැරසී සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ වීඩියෝ පටයයේදී ඇය තරුණ පරම්පරාවට උපදෙස් දෙමින් පවසා ඇත්තේ සිහින විශ්වාස කරමින්, වෙහෙස මහන්සි වී වැඩ කරමින්, කිසිවෙකුට තමන්ව ආපසු ඇද දැමීමට ඉඩ නොදී විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා යුතු බවයි. 

මවක් ලෙස ඇයගේ භූමිකාව දෙස බැලීමේදී, ඇය දරුවා කුසට පැමිණි මොහොතේ සිට සංකීර්ණ හෝමෝනමය සහ මානසික වෙනස්කම්වලට මුහුණ දෙමින් දරුවා මෙලොවට බිහි කිරීමට ගත් තීරණය බොහෝ දෙනාගේ ඇගයීමට ලක්ව තිබේ. දිනකට ගබ්සා කිරීම් දහස් ගණනක් සිදුවන පසුබිමක, වෘත්තීයමය ස්ථාවරත්වයක් ඇති ඇය දරුවා විනාශ නොකර රැකගැනීම ධෛර්ය සම්පන්න ක්‍රියාවකි.

මෙහිදී ඇය අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ හුදෙක් මුදල් හෝ චාමිකගේ බිරිඳ වීමේ තත්ත්වය පමණක් නොව, දරුවාට හිමි විය යුතු නීත්‍යානුකූල පීතෘත්වයයි.


දක්ෂ ක්‍රීඩකයෙකු වන පියෙකු සහ ගුවන් නියමුවරියක වන මවකගේ ජාන සම්ප්‍රේෂණය වූ මෙම දරුවා අනාගතයේදී දක්ෂයෙකු වීමේ සම්භාවිතාව ඉහළ බවත්, එවැනි දරුවෙකුට පිය උරුමය ලබා දීම පියාගේ යුතුකමක් බවත් ඇතැම් විචාරකයින් පෙන්වා දෙයි. පුරුෂයෙකු සහ ස්ත්‍රියක් අතර ඇතිවන කායික සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් ලෙස දරුවෙකු බිහි වූ විට, එහි වගකීමෙන් පලා යාමට පුරුෂයෙකුට සදාචාරාත්මක අයිතියක් නොමැති අතර, පීතෘත්වය පිළිගැනීම දරුවාට කරන ගෞරවයක් ලෙස සැලකේ.

මෙම සිද්ධියට අදාළ ගුවන් නියමුවරියට ශක්තිමත් ආර්ථික පසුබිමක් සහ පවුල් පසුබිමක් ඇති බැවින් ඇයට මෙම අභියෝගයට මුහුණ දීමේ හැකියාව පවතී. කෙසේ වෙතත්, ආර්ථික ශක්තියක් නොමැති සාමාන්‍ය තරුණියක් මෙවැනි තත්ත්වයකට මුහුණ දුන්නේ නම් ඇයගේ ඉරණම මීට වඩා හාත්පසින්ම වෙනස් වීමට ඉඩ තිබුණි. සමාජ සංස්කෘතික සීමාවන් ඉක්මවා ගියද, මවක් ලෙස ඇය දරුවා වෙනුවෙන් පෙනී සිටීම සහ දරුවාට පියෙකු ලබා දීම වෙනුවෙන් ගෙන යන නීතිමය අරගලය වත්මන් සමාජ සන්දර්භය තුළ ඉතා තීරණාත්මක සිදුවීමක් ලෙස සැලකිය හැකිය.

සිද්ධියට මුහුණදුන් කාන්තාව තරුණ පරපුරට ස්වශක්තියෙන් නැගිටින ලෙස ලබාදෙන පණිවිඩයේ වීඩියෝව මෙතැනින් click here