බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලන්තුවා හන්දි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් 'ලොකු පැටී' ගේ ජාවාරම්වලට සම්බන්ධ බව කියන සමීපතමයින් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අය අතර ජාඇල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු, ත්‍රිරෝද රථ රියදුරෙකු සහ තවත් පුද්ගලයෙකු වන බව පොලිසිය පවසයි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සන්තකයේ තිබී ගිනි අවි සහ උණ්ඩ ද පොලිස් භාරයට ගෙන තිබේ.
'ලොකු පැටී' ගේ අනුදැනුම සහ සැලසුම් මත දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගිනි අවි, උණ්ඩ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, පලාගිය යුද හමුදා නිලධාරීන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 'ලොකු පැටී' ට හඳුන්වා දීම වැනි ක්‍රියාවලට මෙම සැකකරුවන් සම්බන්ධ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
තවද, බන්ධනාගාරගතව සිටින 'ලොකු පැටී' ගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන මුදල් සංසරණය කිරීමට ආධාර අනුබල දීම සහ පුරාවිද්‍යා වටිනාකමින් යුත් ගජමුතු ජාවාරම් කිරීම වැනි චෝදනා ද ඔවුන්ට එල්ල වී තිබේ. ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් තිදෙනා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval