සුදත්ත තිලකසිරිගේ යූටියුබ් නාලිකාවට පැමිණි ඇමති වසන්ත සමරසිංහ කාලීන දේශපාලනය ගැන දීර්ඝ සාකච්ඡාවක් සිදුකර තිබේ. එම සාකච්ඡාවේ ලිඛිත සටහන පහත පරිදිය.
සුදා: ඈ වසන්ත පාර්ලිමේන්තුවේ ලස්සන කතාවක් කරනවා. කතා කරනකොට හාදයා හිටියේ නැහැනේ?
වසන්ත: මෙහෙමයි, වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගැහුවහම
කවුද ඒ සමහර අය? මේ රටේ මහජන ධනය කොල්ල කාපු, මහජන ධනය කොල්ල කාලා ඒ ධනයෙන් වැජඹිච්ච මිනිස්සු දැන් දන්නවා රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා. ඒක හිටපු ජනාධිපතිවරුද, ඇමතිවරුද, තමන්ගේ බිරිඳවරුන්ද කියන එක අදාළ නැහැ. පවුල් පිටින් නඩු තියෙන්නේ. පවුල් පිටින් හිරේ ඉන්නේ. ඒ නිසා දැන් අප්පච්චි බලන්න නෙමෙයි යන්න වෙන්නේ හෙට අනිද්දා වෙනකොට, "නේ, සනුහරේ බලන්න යන්" කියලා බෝගම්බර තමයි යන්න වෙන්නේ. එහෙම නැත්නම් වැලිකඩ තමයි යන්න වෙන්නේ.
ඉතින් ඒ නිසා රටේ නීතිය සාධාරණව ක්‍රියාත්මක වන පරිසරයක් ඇතුළේ හොරු, දූෂිතයෝ, වංචාකාරයෝ, අපරාධකාරයෝ, මිනීමරුවෝ දන්නවා මේ ආණ්ඩුව මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරනවා කියලා. ඒ අය තමයි බය වෙලා තියෙන්නේ.
සුදා: හැබැයි ඔය කිව්වට, දැන් "අපේ තාත්තා කිසිම වැරැද්දක් කරලා නැහැ, කිසිම හොරකමක් කරලා නැහැ, අනුර කුමාර ජනාධිපතිවරයා විසින්ම පිරිසිදු කොට නිදහස් කළ යුතුයි" කියලා කිව්වනේ. ඒකේ පළවෙනි රාජකාරියක් හැටියට අග්‍රාමාත්‍යතුමිය හරිනි අමරසූරිය මෙනවිය ඒක කළා, මේ චිචීගේ රොකට් එක සම්බන්ධයෙන් නිදොස් කොට නිදහස් කරයි කියලා හිතුවට.
වසන්ත: චිචීගේ රොකට් එක ගැන මට හිතෙන්නේ, සුදා හොයාගන්න තිබ්බා චිචී කරපු ඉන්ටර්වීව් එකත්. ඔය ප්‍රශ්නේ අහන්න කලින් මම දන්නවා මම කියන දේ. චිචී "රොකට් සයන්ටිස්ට්" (Rocket Scientist) කෙනෙක් හැටියට ඇවිල්ලා, චතුර එක්ක කළේ.
සුදා: චතුර... චතුර... ඔව්.
වසන්ත: අරලියගහ මන්දිරයේ චතුර ඇවිදගෙන එනවා, චිචී "මගේ මේ එන සෝන් එකේ" (Zone) ගැහුවේ. සුදාට මතකනේ? දැන් අපි මේවා තමයි චෙක් කරගන්න ඕනේ. සදම්ටන් (Southampton) විශ්ව විද්‍යාලයක ඉංජිනේරු උපාධියක් කළා, ස්පේස් ඉංජිනේරින් (Space Engineering) කළා කියලා කියන්නේ. ඒකෙම මාස්ටර්ස් (Masters) එක කළාලු. කොළඹ දැන් ආචාර්ය උපාධිය කරනවා කියලා කිව්වා. මට හිතෙන්නේ දැන් ඉවර වෙන්න එපැයි. ඉවර වෙන්නේ 2012-13 කියලා තියෙන්නේ, ආචාර්ය උපාධිය කරන්න ලියාපදිංචි වුණා කියලා. ගණිත අංශයෙන්. එතකොට ලංකාවේ උසස් පෙළ කරලා ලංකා විශ්ව විද්‍යාලයට යන්නැතුව තමයි එහෙ ගිහිල්ලා තියෙන්නේ.
අපි හිතමුකෝ අර වෙන එකකට ගියා කියලා. ඔය කතාව මම පැත්තක තියන්නම්. මේ "සුප්‍රීම් සැටලයිට්" (SupremeSAT) එක පිළිබඳව සාකච්ඡාවේදී මේ ප්‍රශ්නය ආවේ ඇයි කියලත් බලන්න ඕනනේ. BOI (ආයෝජන මණ්ඩලය) එකේ නිලධාරීන් දන්නවා මේ ප්‍රශ්න එනවා කියලා. එතකොට මේ මනිවානන් දන්නවා මේකේ සිද්ධිය, අභ්‍යන්තරය දන්නවා. චිචී කට උත්තරයක් දීලා තියෙනවා, "මනිවානන් මෙයාට ඉන්ටර්වීව් කළේ ෆෝන් එකෙන්" කියලා.
මේ සුප්‍රීම් සැටලයිට් අයිතිකාරයා... එතකොට BOI එකේ තියෙනවා ඉන්වෙස්ට්මන්ට් (Investment) එකක් කළා කියලා මිලියන 12,100 ක්. සුදා, ඒ 2013 දී. 2012 මැයි මාසේ තමයි මේ කොම්පැනිය පටන් අරන් තියෙන්නේ. ඔය සැටලයිට් යවලා තියෙන්නේ 2013 චීනේ. ඒකෙ තමයි අර අපි කොඩියක් ගහලා තියෙන්නේ ගාන ගෙවලා.
දැන් මේ ප්‍රශ්නේ යට ගිය කෑල්ලක් සී.අයි.ඩී (CID) එකෙන් හොයන්න පටන් අරන් තියෙන්නේ. පරීක්ෂණ දැන් නැවත ආරම්භ කරලා තියෙන්නේ. එතකොට 2013-14 හරියේ තිබිච්ච "සුප්‍රීම් සැටලයිට් වන්" (SupremeSAT-1) එකේ ගිණුම්වල තිබිච්ච මිලියන 12,000 ක්, 2014 වෙනකොට වාෂ්ප වෙලා.
සුදා: රුපියල් මිලියනද? ඩොලර් ද?
වසන්ත: රුපියල් මිලියන 12,000 ක්. එතකොට ගිණුමක් ගියා අවුරුදු දෙකක්, මේ අවුරුද්ද එනකොට කොහොමද මේක වුණේ කියලා කියන්න ඕනේ. ඔඩිටර්ස්ලා (Auditors) කියන්න ඕනේ. BOI එක අහන්න ඕනේ "කෝ උඹේ ඉන්වෙස්ට්මන්ට් එක?" කියලා. මොකද අපි බදු සහන දීලා තියෙනවා අවුරුදු 10 කට පටන් ගන්නකොටම. ඒ ඔක්කොම තමයි මේ තියෙන්නේ. ඒ ඔක්කොම යට ගියපු මාතෘකා අලුතෙන් උඩට ආවා.
ඒගොල්ලෝ කරගන්න හැදුවේ චිචීගේ සැටලයිට් එකෙන් ගාන එනවා කියලා පෙන්නන්න. හැබැයි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරද්දී නිලධාරීන් වැරදි වැඩක් කරලා තිබුණා. මොකද සාමාන්‍ය ගණිතය ඇතුළේ, නැත්නම් ගිණුම්කරණයේ තියෙනවා රුපියල් වලින් දාන ඒවා රුපියල් සත වලින් දානවා, දහස් වලින් දානවා, මිලියන වලින් දානවා, බිලියන වලින් දානවා.
ඒ නිසා මේකේ ප්‍රශ්නේ තමයි, මේ "සුප්‍රීම් සැට්" එක පිළිබඳ ප්‍රශ්නය අහලා ඒගොල්ලෝ කියන්න ගත්තේ මේ සුප්‍රීම් සැට් එකෙන් ආදායම් එනවා කියලා. එහෙම ආපු ආදායමක් නැහැ 2020 දී. ඉතින් අගමැතිතුමිය කියන්නේ රටේ දෙවෙනි පුරවැසියානේ. ඒ තිබුණේ අගමැතිතුමියට ලබා දීපු පිළිතුරේ රුපියල් වලින් තිබිච්ච සංඛ්‍යාව මිලියන වලට හරවලා තියෙනවා සුදා.
එතකොට රුපියල් මිලියන වලට හරවපුවහම මොකද කරන්න ඕනේ? අවසාන අංක දෙකට වටයන්න ඕනේ. ඒ කියන්නේ අන්තිම අංක හය රුපියල් වලින් තියෙනවා නම්, ඒ අංක හය අවසාන අංක දෙකට වටයන්න ඕනේ. සාමාන්‍ය ගිණුම් වාර්තා කරන්නේ එහෙම. මොකද උඩ ලිව්වහම "මිලියන" කියලා.
මම ඔබට එකක් මතකෙන් කියන්නම්. මිලියන 19,617 යි කියලා තමයි කියවෙන්නේ. මොකද උඩ තියෙන්නේ "මිලියන". ඩොට් (dot) ද කොමා (comma) ද අදාළ නැහැ. හැබැයි මේකේ ගාන කීයද? 19 මිලියන 617,500 යි. ඕක තමයි රුපියල් වලින් ගිණුමේ තියෙන්නේ. එතකොට රුපියල් වලින් ගිණුමේ තියෙන ගාන රුපියල් නම් කරන්නේ කොහොමද? ඔහොම්මම තියන්න ඕනේ. දහස් නම් කරන්නේ මොකද? 19 මිලියන 617,000 යි. එතකොට අවසාන බිංදු තුන අයින් කරනකොට 500 අයින් කරනවා. මිලියන නම් මොකද කරන්නේ? 19 මිලියන 617,000 කියන එකේ අන්තිම අංක දෙකට වටයපුවහම 19.62 යි. හයයි දෙකයි. 617,000 යි කියපුවහම හතෙන් එකක් මේ පැත්තට එකතු වෙනවා. හයයි දෙකයි. ඕක තමයි අංක ලියන විදිහ.
සුදා: හ්ම්.
වසන්ත: අගමැතිතුමියට උත්තර ලියලා තියෙන්නේ කොහොමද? දහස් වලට හරවලා, "මිලියන" කියලා ලියලා උඩින්. ඉතින් අංක විදිහට උත්තර කියවලා මිලියන කියලා.
සුදා: ඉතින් නිකන්ම දෙන කොලේ කියවන්නේ?
වසන්ත: නිකන්ම දෙන එක නෙමෙයි. මේකට මාසෙකට කලින් මේ උත්තරේ ආවා. මේක නැවත විමර්ශනය කළා. විමර්ශනය කරලා මේක වැරදියි කියලා කිව්වා. එදත් මාත් එක්ක කතා කළා. මම අපේ තවත් නියෝජ්‍ය ඇමතිවරයෙකුත් එක්ක, එරංගත් එක්කත් අපි කතා කරලා, අපේ ඩිජිටල් මිනිස්ට්‍රි (Digital Ministry) එකේ... අපි මේක හොයලා බැලුවා මොකක්ද මේ වෙන්නේ කියලා. වැරදියි. අපි ඊට පස්සේ කිව්වා "ඔයගොල්ලෝ එවලා තියෙන අංක වැරදියි. වහාම ඒක නෙමෙයි, නිවැරදි කරලා එවන්න" කියලා. හැබැයි ආපහු එවලා තියෙන්නේ ඒකමයි.
සුදා: ඉතින් ඒකම ආවොත් ඒකත් බලන්න තිබ්බනේ?
වසන්ත: ඇයි කියුවේ? ඒක තමයි... මේක අගමැති කාර්යාලයේ මේ ප්‍රශ්න දාන්න ඉන්න නිලධාරීන්ගේ වගකීමක් තියෙනවා. අගමැතිතුමියගෙන් ප්‍රශ්න ගණනාවක් අහනවා. එතකොට ඇයව සූදානම් කිරීම... මේ ප්‍රශ්නේ අපිට කලින් ආවා. ඒක අපි නැවත විමසුවා. නමුත් එවලා තියෙන උත්තරේ ඒකමයි. මේකේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ගිය පාර උත්තර දුන්නේ නැත්තෙත් මේ නිසා. මේ නිසා "මේ ප්‍රශ්නෙමයි ඇවිල්ලා තියෙන්නේ" කිව්වොත් ඇයට කල් ගන්න තිබුණා.
සුදා: ඉතින් ඒක වැරැද්ද කවුද එතකොට?
වසන්ත: නෑ, නිලධාරීන් නේ. ඒක නිලධාරීන් ඔක්කොම වැරදියි මේකෙන්න. අගමැති කාර්යාලයේ නිලධාරීන් මේක කියන්න ඕනේ. BOI එකේ නිලධාරීන් මේකයි. දැන් මේක අපි කියලා තියෙද්දී, මේකේ තියෙන වැරැද්ද මේක කියලා නැවත බලන්න එපායි සුදා.
සුදා: ඔව් ඉතින්, ඒ ඔවුන්ට විරුද්ධව මොනවා හරි විනය පියවරක්?
වසන්ත: නැහැ, දැන් අදාළ අගමැතිතුමිය, අග්‍රාමාත්‍ය ලේකම්තුමිය ඒ සම්බන්ධයෙන් විමසලා තියෙනවා. ලේකම්තුමා මේකට අදාළ ක්‍රියාමාර්ග ගන්න කියලා. මොකද මේ වැරැද්ද වුණේ එහෙම. මේකේ අවුරුදු හත හමාරෙම මේ ගිණුම්වල එකතුව තිබුණේ මිලියන 342 යි. එතකොට රජයේ රෝයල්ටි (Royalty) එක, මේ "සුප්‍රීම් සැට්" සමාගමට ලංකාවේ ස්පේස් (Space) එක තමයි මේ දීලා තියෙන්නේ. සුදා, අද සැටලයිට් එකක් දාන්න ටෙන්ඩර් දාන්න ඕනේ. අනිවාර්යෙන්.
සුදා: ඔව් ඔව්... සැටලයිට් එක ඔව්.
වසන්ත: ඒකනේ.
සුදා: ආඩම්බර වෙන්න ඕනේ අපි නේ?
වසන්ත: ඔව්, රටක් වශයෙන් ආඩම්බර වෙච්ච වීමෙන් නම් මේ වෙලා තියෙන්නේ. යවපු රොකට් එක හොයාගන්න බැහැ කිව්වේ ඕක නිසා මම.
සුදා: හැබැයි රොකට් එක තියෙනවා ඈ...
වසන්ත: නෑ ඒ මෙහෙමයි. රොකට් එක නෙමෙයි, සැටලයිට් එක තිබුණා.
සුදා: ඔව් ඔව්... සැටලයිට් එක.
වසන්ත: එතකොට මේ සැටලයිට් එක දැන් කාගෙද?
සුදා: කාගෙද?
වසන්ත: ආන්න ඒක තමයි ප්‍රශ්නේ. අපිට අයිති සැටලයිට් එකක් නෙමෙයි. එතකොට මේක කියන්නේ... එහෙනම් මේ සැටලයිට් පාවිච්චි කරන මේ සමාගම එහෙනම් අපිට කියන්න ඕනේ මේ සැටලයිට් එකේ අයිතිය කොහොමද? ඒගොල්ලන්ගේ ගියේ කවුද? ටෙන්ඩර් දැම්මේ කවුද? තව බිඩර්ස්ලා (Bidders) හිටියේ කවුද? දැන් ඒවා මහජනතාවට දැනගන්න පුළුවන් වෙන්න ඕනේ.
සුදා: පුළුවන් අනිවාර්යෙන්.
වසන්ත: පරීක්ෂණ ඉවර වුනාට පස්සේ මේ අය මේවා කියන්න ඕනේ. ඒ නිසා මිලියන 12,000 කොහොමද මිලියන 11,600 ක්ම එකපාර අඩු වුණේ කියලා කියන්න ඕනේ. මොකද දෙවෙනි අවුරුද්දෙම... 2014-15, 2013-14 වෙනකොට ඉවර වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකේ වාණිජ කටයුතු පටන් ගත්තා කියලා තියෙන්නේ, ආදායම් ලබන්න 2015.
හැංගිච්ච තොරතුරු ගොඩක් තියෙනවා සුදා. අපි දෙන්නා "සුප්‍රීම් සැට්" එක ගැනම විතරක් ඕන නම් අද කතා කරන්න පුළුවන්. ඒ නිසා මේ පරීක්ෂණයට අදාළව අපි කියලා තියෙන්නේ "වහාම පරීක්ෂණ පවත්වන්න" කියලා. කොහොමද ලංකාවේ අභ්‍යවකාශයේ අපිට අයිති මේ සැටලයිට් එකක් ස්ථානගත කරන්න තියෙන අයිතිය, ස්පේස් එක දුන්නේ කොහොමද මේ සමාගමට? මොකක්ද දාපු ටෙන්ඩර් එක? කවුද තරඟකරුවෝ? රෝයල්ටි එක කොහොමද මේ සමාගම අපිට ගෙවලා තියෙන්නේ? අවුරුදු දොළහක්, අවුරුදු හත හමාරක් අටක් දැන් රෝයල්ටි ගෙවන්න ඕනේ. ඒක ගෙවලා නැත්නම්?
ඒ විතරක් නෙමෙයි, මේ සමාගම කරලා තියෙන වංචාවක් තමයි, BOI පහසුකම් ගන්න මිලියන 12,000 ක් ආයෝජනයක් කරනවා කියලා BOI පහසුකම් අරන් තියෙනවා. ඒ අරගෙන දෙවෙනි අවුරුද්දෙම ගිණුම් වාර්තාවල මේවා අතුරුදහන් කරලා තියෙනවා. ඒවා පිළිබඳවත් කරුණු කියන්න වෙයි. හරි. අපි ඒ කරුණු කියන්න වෙයි. ඒවා වෙනකොට ඇතුලෙත් ප්‍රශ්න.
සුදා: දැන් එදා අගමැතිතුමිය ඒ කතාව කළාට පස්සේ, වසන්ත සමරසිංහ මෙතෙන්ට ඇවිල්ලා මේ වෙනුවෙන්, ඒ කියන්නේ ඊට පරිබාහිරව කතාවක් කළේ, ඇතුලේ ගැටුමක් තියෙනවා ද? දැන් හරිනි පිලයි, ජවිපෙ පිලයි දෙකට බෙදිලා? සභාවේ හිනා වෙවී කතා කර කර යනකොට...
වසන්ත: ඒ වගේ තමයි සුදා. ඒ කියන්නේ අගමැතිතුමිය එදා මේ පිළිතුරු දෙනකොට, මේක පහුගියදා අපි ආර්ථිකය පිළිබඳ විවාදයේදී... ඒ විවාදය යනකොට අපි දන්නවා මේ සැටලයිට් එක ගැනත් අහනවා. එහා පැත්තෙන් නම් අපි දන්නවා ඕක අහනවා කියලා. ඉතින් අපි ඒකට සූදානම් වුණා.
ඒක විතරක් නෙමෙයි, අපිට උවමනාව තිබුණා නිලධාරීන්ගේ ඒ වැරැද්ද විසින් අගමැතිතුමියව අපහසුතාවයට පත් වෙන්න නොදී, ඒක නිවැරදි කරන්න ඕනේ කියලා. ඒක අපේ සාමූහික වගකීම. ඒ අපි සාමූහිකව කියන එක තමයි ඉටු කළේ. ඇත්ත අපි පාර්ලිමේන්තුවට කිව්වා. එතකොට තමයි ඔය සමාගම්වලටයි, කට්ටියටමයි අප්සෙට් ගියේ "තමන්ගේ සැලසුම අප්සෙට් ගියානේ" කියලා. එතකොට බැලුවා "දැන් මේ JVP - NPP ගැටුමක්. අගමැතිතුමියට මේ ප්‍රශ්නයක්" කියලා. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හොඳින් වැඩ කරගෙන යනවා.
සුදා: ඇතුලේ තියෙනවා එහෙම? කිසි ප්‍රශ්නයක් නැහැ?
වසන්ත: ෂුවර්. 100%.
සුදා: එතකොට නාවල්ල කියන්නේ "ඇතුලේ හිඳිලා" කියලා? (සිනාසෙමින්).
වසන්ත: මට අර ඊයේ පෙරේදා "අප්පච්චි බලන්න" කට්ටිය ගෙනාවා දැක්කා.
සුදා: ආවා ආවා සම්පත්... ඔව් නේද?
වසන්ත: ඔව්, අපි අනුරාධපුරේ පැත්තෙන්, හොරොව්පොතාන පැත්තෙන්.
සුදා: එහෙමයි.
වසන්ත: ඔව් ඒ මිනිස්සු. ඇයි දන්නවද? ගෙනාපු එකාට පැය භාගයක් ඉවස ගන්න බැරි වුණානේ. චක්‍ර බ්ලාස්ට් කරගත්තානේ දැක්කානේ. ඔය තිස්ස කුට්ටි...
සුදා: තිස්ස කුට්ටි නෙමෙයි, මාස්ටර් ප්ලෑන් එකක්ලු.
වසන්ත: තිස්ස කුට්ටි මාස්ටර් ප්ලෑන් එක හිස කුට්ටි කරලම දාගත්තා. ඇත්ත ප්‍රශ්නේ මේකයි. මහ පොළොවේ තියෙන යථාර්ථය දැන් තේරුම් ගන්න ඕනේ. අපි ආණ්ඩුවක් ලෙස, ජනාධිපතිතුමා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තු 159 දෙනාගේ කිසි ගැටළුවක්, කිසි ප්‍රශ්නයක් නැති බව අපි සහතික කරලා කියන්නේ. අපි ඉතාම හොඳින් මේ වැඩේ කරමින් යනවා. ඒගොල්ලෝ ට්‍රයි කරනවා "අනේ අපොයි අර එළුවාගේ කතාවක් කියන්නේ නේද... ආන් ඒ වගේ මොකක් හරි එකක් වැටෙයිද?" කියලා. මේ ආණ්ඩුව පස්සේ ගිහිල්ලා බය වෙන්න එපා, වැටෙන්නේ නැහැ.
සුදා: ඒ වුණාට එහෙම කිව්වට, දැන් කොච්චර කතා කළත් මේ මහජන මතේ තමයි, ඔය කොච්චර මාලිමාවේ ලොකුවට අඬලා කතා කළත්, රාජපක්ෂට නම් දාන්නෙම නැහැ. ලොකු ලුව, පොඩ්ඩියෙක්, එකෙක් දෙන්නෙක්... මේ වාසගම තියෙනුත් ආයේ... හැබැයි මහ උන්ට අතවත් තියන්න නැහැ කියලා.
වසන්ත: තැන්ක්ස් සුදා. මෙහෙමයි, අපේ රටේ 2010 ඉඳන් 2015 විතර වෙනකන් කාලයක් තිස්සේ අපි දාපු පැමිණිලි තියෙනවා. ඊට අමතරව 2015 න් පස්සෙත් අපි පැමිණිලි දැම්මා. 2022 විතර වෙනකන් අපි පැමිණිලි දැම්මා. ඒ දාපු පැමිණිලි අතරේ මහින්ද රාජපක්ෂද, රනිල් වික්‍රමසිංහද, රවි කරුණානායකද, නාමල් රාජපක්ෂද, යෝෂිතද, ඔය රත්තරන්ලා, අරුන් මූන් ඔක්කොම අපි දැම්මා නේ.
එතකොට CID එකේ පැමිණිලි වහලා තිබුණේ කබඩ් වල දාලා. දැන් ඒකට අදාළව යථාදානයට ලක් වෙච්ච අධ්‍යක්ෂකවරයා, දැන් CID අධ්‍යක්ෂ කරලා තියෙනවා ශානිව. එතකොට මේ ක්‍රියාවලිය දැන් යන්න නීතියට අවශ්‍ය කරන පහසුකම් සපයමින් තියෙනවා. දැන් ඉල්ලීමක් තියෙනවා මේ අධිකරණ ක්‍රියාවලිය වේගවත් කරන්න ඕනේ කියලා. ඒකට අවශ්‍ය නම් අධිකරණ ක්‍රියාවලිය වේගවත් කරන්න ඕනේ කොහොමද කියලා ජනාධිපති උපදෙස් දීලා තියෙනවා අධිකරණ ඇමතිවරයාට සොයා බලන්න කියලා. ඒ විතරක් නෙමෙයි අපි අධිකරණවලට ඇඟිලි ගහන්නේ නැහැ.
සුදා: එතකොට "ඇඟිලි ගහනවා" කියලා තමයි කිව්වේ, අර මම හිතන්නේ නඩුකාරතුමන්ලා හතලිස් ගානක්ද කොහෙද මාරු කරලා තියෙනවා. ඒ ප්‍රබල ඇමතිවරුන්ගේ නඩු තියෙන, කතා කරන ඒ ප්‍රශ්න තියෙනවා. පස්සේ තියෙන්නේ ඒකනේ. ඒ ඇඟිල්ල දික් වෙනවා මෙහෙටත්. "දැන් නඩුකාරයෙක් මාරු කරලා ඔයා දානවා..."
වසන්ත: මොනවද මම දානවද? නඩුකාරයෙක්මනේ දාන්නේ. කවුද නඩුකාරයෝ මාරු කරන්න අයිතිය තියෙන්නේ? දැන් තමන් දැන් ළඟ ඉන්න කෙනා දන්නේ නැහැ. නැහැ, අධිකරණ සේවා කොමිසමට. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍ර විනිශ්චයකාරවරයා ඇතුළු කණ්ඩායමක් තමයි මේ වැඩේ කරන්නේ. අපි නෙමෙයි. අපිට ඕනේ නඩුකාරයා දාගෙන, අපිට ඕනේ නඩුව අහන්න... ඒ ඒවා කළා ඒගොල්ලෝ. මතකනේ ශිරාණි බණ්ඩාරනායක මාතෘකාව? ඒක ඔක්කොම දන්නවා. මම කියන්නේ අපි ඒක වෙනස් කරන්න උපදෙස් දෙන්නේ නැහැ.
සුදා : "දේශපාලන වශයෙන් මාලිමාව කරන ලොකුම වැරැද්ද තමයි අධිකරණයට ඇඟිලි ගහලා, ඒක ස්වාධීන නොකිරීම" කියලා තමයි නාමල් කිව්වේ. අධිකරණය ස්වාධීනව පවත්වාගෙන යාමට කටයුතු නොකිරීම ගැන. ඉතින් බලන්නකෝ, දැන් අධිකරණවල හිටපු විනිශ්චයකාරයෝ අයින් කළා...
වසන්ත: ඒකට අදාළ ආයතන තියෙනවනේ. ඒවනේ ඒක කරන්නේ. ඉතින් ඒකට අදාළව අධිකරණ සේවා කොමිෂන් සභාව, එහෙම නැත්නම් අග්‍ර විනිශ්චයකාරවරයා ඇතුළු පිරිස මැදිහත් වෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒ හැර, එහෙම නැතුව අඩුම ගානේ අපේ අධිකරණ ඇමති මේකේ මොකක්ද වෙන්නේ කියලාවත් දන්නේ නැතුව ඇති.
සුදා: මම කියන්නේ ඒකයි, මේ සමහර මාරු කිරීම් ගැන කියන්න.
වසන්ත: දැන් සමහර මාරු කිරීම් නෙමෙයි, උසස් කිරීම් වෙනවා. ඒවත් "මාරු කිරීම්" කියලානේ ගන්නේ. මහේස්ත්‍රාත් අධිකරණයෙන් මහා අධිකරණයට (High Court), මහා අධිකරණයෙන් අභියාචනා අධිකරණයට (Appeal Court), අභියාචනා අධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට... එහෙමනේ යන්නේ. මොකක් හරි යන විදිහක් තියෙනවනේ මේවායේ.
ඉතින් ඒ අධිකරණ සේවා කොමිසමේ ජොබ් එක අධිකරණ සේවා කොමිසම කරනකොට, ඒක අපිට භාර ගන්න පුළුවන් කමක් නැහැනේ. මොකද අපි දන්නවා ඔතෙන්ටත් එන්නේ විනිශ්චයකාරයෙක්නේ. කැපල්කාරයෙක් නෙමෙයිනේ එන්නේ. ඒ නිසා විනිශ්චයකාරයෙක් තමයි නඩු අහන්න එන්නේ. ඉතින් "අද ඉන්නේ ඔබද, හෙට ඉන්නේ මමද?" කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. කවුරුහරි විනිශ්චයකාරයෙක් ඇවිල්ලා, නීතිඥයෝ ඉදිරිපත් කරන කරුණු මත තමයි නඩු අහන්නේ.
ඉතින් ඒ නිසා ඔය සමහර චෝදනා ඉදිරිපත් කරන්නේ කිසිදු පදනමක් නැතුව. ඒ විතරක් නෙමෙයි, අපි මේ රටේ අධිකරණය ස්වාධීන කරන්න මැදිහත් වුණා මිසක්, අධිකරණයට ඇඟිලි ගහලා, නඩු කටයුතු වලට ඇඟිලි ගහලා මැදිහත් වෙලා තියෙන ආණ්ඩුවක් නෙමෙයි අපේ ආණ්ඩුව. එහෙම අපිට චෝදනාවක් නැහැ සුදා.
වසන්ත සමරසිංහට එරෙහි "හොර ඔප්පු" චෝදනාව
සුදා: හැබැයි ඔහොම කිව්වට ඔබටත් තියෙනවා ලොකු දෝෂාරෝපණයක් විතරක් නෙමෙයි, චෝදනාවක් තියෙනවා උසාවියෙන්. ගරු උසාවියෙන් තියෙන්නේ. ගල්කිස්ස උසාවියෙන්. සුදා, මේ ඔබ ගහපු ගේම් එකක් ගැන...
වසන්ත: ඔව්, ඒක තමයි මම කියන්න හැදුවේ. දැන් ඔබට මේක කියන්න ඕනේ. මොකද උසාවිය ඒ නඩුවේ තවම අපිව නම් කරලා නැහැ.
සුදා: බලපෑම් කරලා නැහැ?
වසන්ත: බලපෑම් නෙමෙයි... ඉතින් පොලිසියට මේ පැමිණිල්ල හදලා දාන්නේ.
සුදා: දැන් මොකක්ද චෝදනාව?
වසන්ත: "හොර ඔප්පු හදලා වෘත්තීය සමිතියකට අයිති ඉඩමක් බදු දුන්නා" කියලා තමයි කියන්නේ. දැන් අපි ඒක ඔප්පු කරනවා. හොර ඔප්පු හදලා තියෙන්නේ මේගොල්ලෝ (පැමිණිලිකරුවන්). ඔරිජිනල් ඔප්පු අපි ළඟ තියෙනවා.
මම මීට කලින් ෆ්‍රෝඩ් බියුරෝ (Fraud Bureau) එකට 2024 දී ගිහිල්ලා කට උත්තරයක් දුන්නා. "මුන් ඔප්පුව, හොර ඔප්පු හදලා තියෙනවා. ඒගොල්ලෝ බලාගන්න ගිහිල්ලා" කියලා. 2017 දී ඒගොල්ලෝ ලියාපදිංචි කරද්දී, 1960 ගණන්වල ඉඳන් ලියාපදිංචි ඔප්පු අපි ළඟ තියෙන්නේ. මේ වෘත්තීය සමිතියට අයිති, NWC එකට අයිති ඔප්පු තියෙනවා. එතකොට මම NWC එකේ සභාපතිනේ 2017.
එතකොට කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීනුත්, කම්කරු ඇමතිත් සම්බන්ධ වෙලා තමයි මේ ගේම ගහන්නේ. 2014 දී අපි, 2017 දී නඩුවක් දාලා තියෙනවා වැරදි ලියාපදිංචියක් සම්බන්ධයෙන්. අපේ මූලික ව්‍යවස්ථාවේ නෑ "උප ලේකම්" කෙනෙක්. උප ලේකම් කෙනෙක් නෑ මේ ව්‍යවස්ථාවේ. සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උප සභාපති... අපිට ඉන්නේ එහෙමයි.
සුදා: හොඳයි.
වසන්ත: එතකොට අපිට උප ලේකම්ලා නෑ. හැබැයි මට විරුද්ධව නඩු දාලා තියෙන්නේ උප ලේකම් කෙනෙක් කියන කෙනා. මොකද මම නීති විරෝධී දේපලක්, හොරෙන් ඔප්පු හදලා ගැහුවා කියලා නෙවෙයි කියන්න යන්නේ. හොර ඔප්පු හැදුවේ ඒගොල්ලෝ. කටුනායක ඔප්පු හදලා විකුණලා තියෙන ඉඩම... පොල්ගහවෙල ඔප්පු හදලා විකුණලා තියෙන ඉඩම... අපි මතුගම ඉඩමකට නඩු කියනවා.
ඒ නිසා මේගොල්ලෝ මේ දේපල බලෙන් ගන්න, ඔය දේශපාලඥයෝ එකතු වෙලා වැඩ කරන්න ගියා. ඔය කණ්ඩායමට, ඔය කරපු වැඩේට සපෝට් කළා පහුගිය රනිල්ගේ ආණ්ඩුව. මනුෂ නානායක්කාර තමයි ඒ වෙලාවේ හිටියේ. 2024 අප්‍රේල් මාසේ දෙනවා "වෘත්තීය සමිති නිලධාරී මණ්ඩලයක්" පිළිබඳ ලේඛනයක් කම්කරු දෙපාර්තමේන්තුවෙන්. ඒ ලේඛනය එහෙම දුන්නහම... උසාවියේ තියෙනවා ඇපිල් කෝට් එකේ නඩුවක්. ඒ නඩුවෙන් මේකට අදාළ තීරණය එනකන් එහෙම එකක් කරන්න බෑ. එතකොට අපි මේකට වාරණයක් අරන් තියෙනවා කඩුවෙල උසාවියෙන්. ඒ වාරණය දික් කරලා තියෙන්නේ දැනුත්.
සුදා: ඒ කියන්නේ මෙතනත් ගේමක් යනවා කියලද?
වසන්ත: ගේම දැන් අල්ල ගත්තා. මම ඔබට කියන්න ආවේ ඒක. මේ ගේම දැන් අපි අල්ල ගත්තා. දැන් අපි, අපිට අදාළව කට උත්තර දෙන්න කියලා කිව්වහම උසාවියෙන්... මේ අවසාන උසාවිය තමයි කිව්වේ මටත්, මහින්ද සහෝදරයාටත්, අපේ රංජන් සහෝදරයාටත්. මොකද අපි ඒ වෘත්තීය සමිතිය ගොඩනැගිල්ල බදු අරන් තියෙනවා. ඒකේ සංගමයක් ලෙස. ඒ දේපලේ අයිතිය තියෙන්නේ භාරයකට (Trust). ඒ භාරයේ අයිතිකාරයෙක් විදිහට මමත් ඉන්නවා එතන.
එතකොට අපි මේකට අදාළව අවුරුදු හයක් ඉන්නවා මෙතන. දෙවෙනි අවුරුද්ද වෙනකොට තමයි මේගොල්ලෝ... 24 තමයි මේගොල්ලෝ මේ නඩුව දාන්න පටන් ගන්නේ. මොකද ලේඛනය එහෙම හොරාට හදන්න එපැයි. අපි අවසාන ව්‍යවස්ථාව ඉල්ලනවා සුදා RTI (තොරතුරු දැනගැනීමේ පනත) එකකින් කම්කරු දෙපාර්තමේන්තුවෙන්. අපිට දෙනවා ව්‍යවස්ථාවක්.
දෙන්නේ කවුද ව්‍යවස්ථාව? "2002 සංශෝධනය කළ ව්‍යවස්ථාවක්" කියලා අපිට එකක් දෙනවා. අපි ඒ වෙලාවේ හිටපු ඒ කම්කරු කොමසාරිස් දෙනවා... මේ වෘත්තීය සමිති ලියාපදිංචි කිරීමේ අංශයේ භාර, හත්වෙනි මහලේ ඉන්න කම්කරු කොමසාරිස් දෙන මේ ව්‍යවස්ථාව වැරදියි.
මෙන්න 2014 කම්කරු කොමසාරිස් ජෙනරාල් සරණතිස්ස මහත්තයා එයාගේ අස්සන ගහලා අපිට දීපු ව්‍යවස්ථාව. මේ ව්‍යවස්ථාව තමයි හරි එක. දින එක්ක බලද්දී කියන්නේ. එතකොට (දෙපාර්තමේන්තුව) කියන්නේ, "එහෙම එකක් අපි දන්නේ නැහැ" කියලා. මරු ඩිපාර්ට්මන්ට්! මේ අපේ ආණ්ඩුවෙත් කියන්නේ නැහැ. අපේ ආණ්ඩුවක් ඇතුලෙත් මේ කියන්නේ.
අපි ඇහුවා, "කෝ එහෙම දන්නේ නැහැ කියන්නේ කොහොමද? මේ සරණතිස්ස මහත්තයා දීපු එක 2014. ඔයා කොහොමද 2002 එකක් පෙන්නන්නේ අපිට? අපිට පෙන්නන්න වෘත්තීය සමිතියේ ව්‍යවස්ථාව වෙනස් කළා කියලා දීපු ලියුම එහෙනම්." "ආ... ඒකත් ෆයිල් එකේ නැහැ."
"අපිට පෙන්නන්න ඔයගොල්ලෝ යවපු ලියුම ව්‍යවස්ථාව භාර ගත්තා කියලා." "ආ... ඒකත් ෆයිල් එකේ නැහැ."
මරු නේද එතකොට? අපි කිව්වා, "එහෙම ඔයගොල්ලෝ කියන එක අපි බාර ගන්නේ නැහැ. මේ සරණතිස්ස මහත්තයා අපිට දීපු ලියුමක් තියෙනවා මෙන්න ව්‍යවස්ථාව කියලා 2014."
අපේ 2017 ඇපිල් කෝට් එකේ නඩුවේ චූදිතයෙක් තමයි කම්කරු දෙපාර්තමේන්තුව. අපි කිව්වා, "දැන් ඕගොල්ලෝ දෙපාර්තමේන්තුව නීතිපතිට උත්තර යවනවනේ? උපදෙස් ගන්නවනේ? බලමු නඩු ෆයිල් එක." අන්න සුදා, නඩු ෆයිල් එකෙත් තියෙනවා 2014 සරණතිස්ස මහත්තයා දීපු ඒ ව්‍යවස්ථාවම නීතිපතිටත් යවලා. ඒකත් මොකද එතනත් ප්‍රශ්නයක් තිබුණා, නීතිපති නඩු ෆයිල් එකේ ඇමුණුම ලෙස තියෙන්නේ. ඇමුණුම යට තියෙන්නේ. හංගගන්න බැරි වෙලා දෙපාර්තමේන්තුවට, මට හිතෙන්නේ ඔය නිලධාරීන්ට. නිලධාරී කිහිප දෙනෙක් ඉන්නවා මේක පිටිපස්සේ.
අන්න ඊට පස්සේ කම්කරු අමාත්‍යංශ ඇමතිවරයාටත් මම පෙන්නුවා, අපි ඔප්පු කරලා මේ වැඩේ. අපේ යූනියන් එකේ අනිත් නිලධාරීන් ගිහිල්ලා ඔප්පු කළා. අමාත්‍යංශ ලේකම්තුමාට පෙන්නුවා. හරි, දැන් හොරකමක් සිද්ධ වෙලා තියෙනවානේ පැහැදිලිව. බරපතල අපරාධයක්, වැරැද්දක්. අපේ ව්‍යවස්ථාව වෙනස් කරලා, වෙන වෙන හොරු ටිකකට වෘත්තීය සමිතිය අයිතිය දෙන්න හදපු ගේමක්. ඒ හොරු ටික තමයි හොරට ඔප්පුවක් ලියාපදිංචි කරලා දැන් ඒකටත් නඩුවක් දාලා තියෙන්නේ.
හරි, දැන් ඒ නිසා මම කියන්නේ ඉවර කරන්නම්... ඒ හොර ඔප්පුවක් හදලා තියෙනවා. අපි ළඟ ඔරිජිනල් ඔප්පුව තියෙනවා. අපි දැන් ඒකට CID එකට දීලා තියෙන්නේ, "වහාම විමර්ශනය පටන් ගන්න. මේ ඔරිජිනල් ඔප්පුව තියෙද්දි මේගොල්ලෝ කොහොමද හොර ඔප්පුවක් ලියාපදිංචි කරන්නේ?" කියලා. මේ හොරු ටික... ඒ නිසා හොරු වටේ යන ඔය සමහර ජනාධිපති නීතිඥ පට්ටම් ගහගත්තට, ඒ මහත්වරුන්ටත් මේවට උත්තර දෙන්න වෙනවා.
සුදා: හොඳයි. දැන් කිව්වනේ මේ වසන්ත සමරසිංහත් කිව්වා, කාලයක් "අපි නම් හාල් ඇටයක්වත් පිටරටින් ගේන්නේ නැහැ" කියලා. හැබැයි ඔන්න ගෙනාවා. ගිය අවුරුද්දේ, මේ අවුරුද්දෙත් ගෙනාවා අපි මාර්තු මාසේ විතර වෙනකන්. දැන් ආයේ ගේන්නේම නැද්ද?
වසන්ත: නැහැ සුදා, මෙහෙමයි තියෙන්නේ. අපේ රටේ මහ කන්නෙ ඉවරයි. මහ කන්නෙ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.5 යි (ලක්ෂ 25 යි). මේ යල් කන්නෙ ලක්ෂ 22 යි. එතකොට (එකතුව) ලක්ෂ 47 යි. අවුරුද්දේ සහල් පරිභෝජනයට යන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 24 යි.
ඒ කියන්නේ සාමාන්‍ය 1.6 යි රේෂියෝ එක (වී වලින් හාල් එන ප්‍රතිශතය). 1.6 යි කියලා කියන්නේ සුදා, සාමාන්‍යයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 30 ක් නිෂ්පාදනය කරන්න පුළුවන් (ලක්ෂ 47 ක වී වලින්). අපි දවසට කන්නේ මෙට්‍රික් ටොන් 4500 ත් 7000 ත් අතර උපරිම. මෙහෙම ගත්තම අවුරුද්දට ඕනේ ලක්ෂ 24 යි. මාසෙට ලක්ෂ දෙකයි.
දැන් ලක්ෂ 30 ක් හැදුවාම, ලක්ෂ කීයක් ඉතුරු වෙන්න ඕනෙද? ලක්ෂ හයක් ඉතුරු වෙන්න ඕනේ. කෝ එතකොට ඒක? අන්න ඒක තමයි මම කියන්නේ ඇති වෙන්නේ. ඒ ලක්ෂ හයක් ඉතුරු වෙනකොට සුදා, ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ මෝල් හිමියන් සතුව තියෙනවා මාස හයක තොග. මහ කන්නෙ වී අඹරන්නේ යල් කන්නෙ එද්දි. එහෙම තමයි මේගොල්ලෝ මේ රොටේෂන් (Rotation) එක ගහන්නේ. ඒකට අපි සල්ලිත් දීලා තියෙනවා ආණ්ඩුවෙන් බැංකු වලට.
සුදා: හොඳයි.
වසන්ත: බිලියන 30 ක් ඈ... බිලියන 30 ක් බැංකුවලට ණය දෙනවා වී ගන්න. ඒ විතරක් නෙමෙයි, දැන් ඔබ ගිහිල්ලා බැලුවොත් පොළොන්නරුවේ විතරක් මෝල් 15 ක තියෙනවා කිරි සම්බා මෙට්‍රික් ටොන් 90,000 ක්. ලංකාවේ මුළු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 270,000 යි කිරි සම්බා අවුරුද්දෙම. එක කන්නක කිරි සම්බා විතරක් තියෙනවා ඒ මෝල් 15 විතරක්. මම මේ කියන්නේ යම් ප්‍රමාණයක තොගය.
සුදා: මෝල්කාරයින්ට බයේ, ඩැඩීලට බයේද දැන් උත්තර දෙන්නේ?
වසන්ත: නෑ නෑ නෑ නෑ නෑ... මෝල් රඳවාගෙන ඉන්නවා මාස හයක් හිටපුවහම මේකේ ටිකක් හොඳම හාල් හදාගන්න පුළුවන් කියන අදහසකුත් තියෙනවා. ඒ නිසා ඒ කොහොමත් මේ රොටේෂන් එකේ යනවා. දෙක, අපේ තව කර්මාන්ත ටිකක් හැදිලා තියෙනවා දැන්. ඔබ අහලා තිබුනාද අපේ රටේ සකේ (Sake) හදනවා කියලා හාල් වලින්?
සුදා: නෑ නේ...
වසන්ත: බියර් හදනවා කියලා අහලා තිබුනාද? බියර් මෑත කාලයේ හදන්න ගත්තා. සාමාන්‍ය බියර් වලට මෙට්‍රික් ටොන් 20,000 ක් යනවා අවුරුද්දකට. මාසෙට 1500 යි. සකේ වලට, මේ වෙනකොට සකේ කර්මාන්ත ශාලාවක් හදමින් යනවා.
සුදා: ඒ කියන්නේ එක්ස්පෝට් කරන්නද?
වසන්ත: ලංකාව ඇතුලටත් එක්ක. සකේ පුරවන්නේ මේකෙන්. දේශීය සකේ නිෂ්පාදනයක් තියෙනවා දැන්. ඔබ සතොසේ බියර්-වයින් ෂොප් වලත් මේවා තියෙනවා දැන්. රටෙත් තියෙනවා. දැන් එයාගේ ෆැක්ටරිය එක්ස්පෑන්ඩ් (Expand) කරන්න එයාට ඉඩ දීලා තියෙනවා. සකේ හදනවා. මොකද පිට රටින් ගේන්නේ නැහැ, එතකොට අපේ හාල්, අපේ අමුද්‍රව්‍ය අපේ රටේ.
ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ 13% - 14% අතර (ඇල්කොහොල්) ප්‍රමාණයකට හදන්න පුළුවන්. වයින් එකක් නෙමෙයි මේක, නිකන් අර බියර් බොන කෙනාට බොන්න, වයින් එක බොන කෙනාට බොන්න සකේ එකක් හදනවා. මාසෙට මෙට්‍රික් ටොන් 800 ක් ඒගොල්ලන්ගේ ඉල්ලුම.
එතකොට තව කුකුල් කෑම කර්මාන්තය. අපි තියෙනවා හොඳ... අපි කුකුල් කෑම නිෂ්පාදනයේදී කුකුල් මස් මිලියන 22 ක් (කිලෝ) හදනවා මාසෙකට. බිත්තර හදනවා දවසට මිලියන නවයක්. කිකිළියෝ ඉන්නවා 130,000 ක් (මව් සතුන්). එක්කෝටි 30 ලක්ෂයක් ඉන්නවා බිත්තර දාන කිකිළියෝ. ඒගොල්ලන්ගේ දෙවෙනි ලේයර් එක ලක්ෂ 80 ක් ඉන්නවා.
දැන් මේක කරන්න බෑනේ සුදා කෑම නැතුව. නේ? එතකොට ඒ අයට කෑම දෙන්න ඕනේ. එතකොට ඒ අයට කෑම දීම සඳහා වී ප්‍රමාණයක් මිලදී ගන්නවා. ඒ නිසා අපි ඒකට උත්තරයක් විදිහට බඩඉරිඟු ගේන්න දුන්නා ඒගොල්ලන්ට. මොකද එතකොට සහල් ටික කෑමට ඉතුරු වෙනවා.
හැබැයි බියර් සහ සකේ... එතකොට අපි තීරණයක් ගත්තා. "රයිට්, කර්මාන්ත විවිධාංගීකරණය වෙන්න ඕනේ. සහල් වලින් කරන තව නිෂ්පාදන හැදෙන්න ඕනේ. බිස්කට් වර්ග, කෑම වර්ග හැදෙන්න ඕනේ. ඒකට දෙන්න. අපේ නිෂ්පාදනය වැඩි කරන්න අපි ට්‍රයි කරමු. බැරි වුනොත් අපිට හාල් ගේනවා අපි. ඒ කියන්නේ අපේ නිෂ්පාදන ඵලදායිතාවය වැඩි කරන්න බැරි නම්, අපි හාල් ගේමු" කියලා.
ඒ කියන්නේ සුදා, දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපේ ඵලදායිතාවය අඩුයි. ඉන්දියාවෙන් අපි හාල් ගෙනල්ලා ලංකාවට රුපියල් 65 ක බද්දක් දීලා රුපියල් 190 ට 200 ට අපිට හාල් දුන්නා.
සුදා: ඔව්.
වසන්ත: ඒ කියන්නේ (එහෙ) රුපියල් 135 යි හාල් කිලෝ එකක්. අපි අද වී ගන්නේ 120 ට. 1.6 ක් යනවා හාල් කිලෝ එකක් හදන්න. අපේ ඵලදායිතාවය අඩුයි. ඒ නිසා අපි ගොවියාවත් රැකගන්න තමයි මේ වැඩේ කරන්න වෙන්නේ.
ඉතින් ඒ නිසා අපි ඒ වෙලාවේ අපි කල්පනා කළා අපේ රටේ වී නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. පුරන් කුඹුරු වවන්න ඕනේ. අන්න එහෙම උදාහරණයක්... මේ යල් කන්නෙ විතරක් හෙක්ටයාර් 80,000 ක්, 15% ක් වැඩියෙන් වවලා තියෙනවා ගිය යල් කන්නෙට වඩා. 15% ක් වැඩියෙන් වවලා තියෙනවා.
ඒ වෙලාවට දැන් අපි මේ ප්‍රවෘත්ති බලනකොට හොඳට පේන්නේ "පොහොර වෙලාවට සහනාධාරය නෑ" කියලනේ. හැමදාම පොහොර ටික... මම ඊයේ කිව්වා.
සුදා: ඔය නාමල් ඊයේ කිව්ව කතාවනේ.
වසන්ත: යල් කන්නෙ පොහොර සහනාධාරයෙන් 99.5% ක්ම දීලා ඉවරයි. තව තියෙන්නේ මිලියන 140 යි දෙන්න. ඉතින් මේ චැනල් වල කියනවා "නෑ" කිය කිය.
සුදා: ඒක තමයි බොරු, පට්ට බොරු කියනවා ඉතින්.
වසන්ත: ඉතින් ඒවට විරුද්ධව කටයුතු කළ හැකි බොරු කියනවට. නෑ දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම ඇමතිවරයා මේකට ප්‍රකාශයක් කළා. මොකද "ආහාර සුරක්ෂිතතා කමිටුව" තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ. ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම්වරයා කැඳවලා... මමයි ලාල් සහෝදරයායි තමයි සභාපතිත්වය දරන්නේ.
අපි සති දෙකකට සැරයක් මේක කැඳවනවා. රටේ පොහොර බෙදීම, වී මිලදී ගැනීම, ගබඩාකරණය, අනෙකුත් ආහාර සුලභතාවය, අල ලූණු, අල ලූණු වල නිෂ්පාදනය, වට්ටක්කාවල නිෂ්පාදනයේ තත්ත්වය, ආනයනික භාණ්ඩ පිළිබඳ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව, සැමන් ටින්... මේ හැම එකම කතා කරනවා සුදා.
ඒකට අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා. දැන් අල ගලවන කාලේ, ලූණු ගලවන කාලේ එනකොට අපේ ගොවියාගේ අල ලූණු වලට යම් ප්‍රමාණයක මිල වැඩි වුනොත් එහෙම අමාරුයි කියලා, ඒ ගොවියා රැකගැනීම වෙනුවෙන් තීන්දු තීරණ ගන්න අපිට යෝජනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔය බොරු අහුවෙන හැම තැනම කියනවනේ. ඒ බොරු ටික කියන්නේ අර ඔබ කියනවා වගේ සමාජ මාධ්‍ය වලට කපලා දාන්න.
මහපොළොවේ ගියපුහම කොහේ හරි ඔබ දැක්කද ගොවියෝ උද්ඝෝෂණය කරනවා "පොහොර නෑ" කියලා? නාමල් පාර්ලිමේන්තුවේ කිව්වට, ගොවියෝ කියන්න එපා පාරට බැහැලා "අපිට පොහොර සල්ලි හම්බුනේ නෑ" කියලා. කිව්වේ නැහැනේ.
සුදා: නිව්ස් වල, ටීවී වල කියනවා. දැන් නාමල් පාර්ලිමේන්තුවේ කියන එක නේද යන්නේ?
වසන්ත: ගොවියෝ කොහේ හරි කියනවා දැක්කද? නෑනේ. ඒ කියන්නේ ගොවියාට පොහොර සහනාධාරය යවලා ඉවරයි බැංකුවට. ඒක අපි මේ කන්නෙ පටන් ගන්නකොටම ඒක ලෑස්ති කරලා තිබුණේ. දැනුත් කපලා තියෙන්නේ 45% යි අපේ (අස්වැන්න). 55% ක් කපන්න තියෙනවා. සමහර ප්‍රදේශ වල තවත් චූටි ගොයම් තියෙන ඒවා තියෙනවා. නමුත් ඒ මේ තියෙන්නේ... පොහොර සහනාධාරය 99.5% ක්ම දීලා ඉවරයි.
සුදා: මට අදින් ප්‍රශ්නයක් එනවා. දැන් ජපානයේ තියෙන සකේ එක මෙහෙට එනවා, ප්‍රොමෝට් (Promote) කරනවා අපේ ජනතාවට. එතකොට අපේ තිබ්බ හොඳම බීම වර්ගයක්, විස්කි වලටත් එහා ගියේ "දංකුටු ස්පෙෂල්". ඇයි ඕගොල්ලෝ... මම මේක එක දැන් ඕගොල්ලෝ සකේත් මෙහෙට ප්‍රොමෝට් කරනවා නම්... ඒක විස්කි වලටත් එහා ගිය දෙයක්. දැන් විස්කි කියන්නේ ස්කොච් (Scotch). ස්කොට්ලන්තයේ. අපේ ලෝකයේම අල්ලපු එකක්. ඇයි අර වගේ එකක් ප්‍රමිතියකට අරගෙන... දැන් ඔබත් බීලා ඇති, මාත් බීලා තියෙනවා. ආයේ විස්කි තිබ්බොත් මම බොන්නේ ඒක. දැන් නෑ ඒක. දැන් ඒක ඉවරටම ඉවරයි. ඇයි ඒ වගේ දෙයක් ගැන අවධානය යොමු කරන්න බැරි? ලෝකේ අල්ලන්න පුළුවන්. හැලි අරක්කු...
වසන්ත: හැලි අරක්කු. ඔබ ඔය කියන්නේ අපේ රටේ තියෙනවා දෙකක් ජාතිය. එකක් තියෙනවා අපේ රටේ නීත්‍යානුකූලව පෙරන අරක්කු තියෙනවා. අනිත් එක තියෙනවා නීති විරෝධීව පෙරන අරක්කු.
සුදා: කසිප්පු.
වසන්ත: කසිප්පු. ඒකේ එක දිගුවක් තමයි ඔය හැලි අරක්කු. ඒ කියන්නේ නීති විරෝධීව, ඒ ගමේ ඇතුලේ හදාගන්න එක. ඊළඟ එකට තියෙනවා රා. කිතුල් රා තියෙනවා, තල් රා තියෙනවා, පොල් රා තියෙනවා. මේ ඔක්කොමත් අපේ රටේ මිනිස්සු බොනවා. එක වෙලාවක බේරුවල ප්‍රාදේශීය සභාවේ පොල් ගස් 12,000 යි, 28,000 කට ලයිසන් (License) දීලා තිබ්බා. ඒකෙන් තේරුම් ගන්නකෝ මොකක්ද වෙන්නේ කියලා. ගහකින් එන රා වගේ තුන් ගුණයක් එළියෙන් රා හදලා දෙනවා මිනිස්සුන්ට.
ඒකට තමයි... ඒකට අදාළව කර්මාන්තයක් ලෙස හැදුනේ නැත්නම් වෙන්නේ, ඒකට අවශ්‍ය කරන කර්මාන්තයක් ලෙස මේක දියුණු කරන්නේ නැතුව, අපිට ගෙවල් ගානේ මේක...
සුදා: නෑ ඒක නෑ... මම කියන්නේ ඒක දැන් කර්මාන්තයක් ලෙස.
වසන්ත: ඒ නිසා දැන් අපිට පුළුවන් තල් රා වලින් මේක හදන පැත්තට යොමු වෙලා තියෙනවා. කිතුල් වලින් මේක හදන පැත්තට තියෙනවා. පොල් රා... මේකේ කොහොමද හදන්නේ කියලා තියෙනවා. ඒ වගේම සහල් වලින් කරන නිෂ්පාදන හදනවා. ඒක තියෙනවා...
සුදා (නිවේදකයා): ගංජත් තියෙනවා දැන්?
වසන්ත: ඒක ඉතින්... කර්මාන්ත පුර තුළ වවලා, ග්‍රීන් හවුස් (Green House) වල වවලා, ඒකේ හදන ඔයිල් (Oil) එක එක්ස්පෝට් (Export) කරන්න තමයි අපි දීලා තියෙන්නේ.
සුදා: ඉස්සර විපක්ෂයේ හිටියා නම් "ගංජා..."?
වසන්ත: නෑ, ඒ ගංජා වල... ගංජා වවන්න නෙමෙයි අපි දීලා තියෙන්නේ. අපි දීලා තියෙන්නේ කර්මාන්තපුර ඇතුලේ ග්‍රීන් හවුස් වල වවන්න ඕනේ. එළියේ වවන්න බෑ. එතකොට අමුද්‍රව්‍ය ලෙස කර්මාන්ත ශාලාව කැනබිස් (Cannabis) වලින් හදන ඔයිල් එක, ගංජා වලින් හදන ඔයිල් එක එක්ස්පෝට් කරන්න ඕනේ. කර්මාන්ත හතකට අවසර දීලා තියෙනවා. ඒ අය හතරක් එකට ඉඳන් වැඩ කරනවා. ඉතින් ඒ අය එක්ස්පෝට් මාර්කට් (Export Market) එකක් ඉලක්ක කරගෙන, ග්‍රීන් හවුස් වල වවන්න තමයි අපි දීලා තියෙන්නේ. නැතුව තණමල්විල හරි, අනුරාධපුරේ හරි වවන්න දීලා නැහැ.
ඒක නිසා මම ඔබට කියන්න ආවේ ඒකයි. මේ විවිධාංගීකරණය වූ නිෂ්පාදන සඳහා සහල් යනවා. එතකොට අපේ රටේ සහල් වෙළඳ පොළේ සංඛ්‍යා ලේඛනත්, ඇත්ත සහල් වල ප්‍රශ්නයකුත් මෙතන තියෙනවනේ. ඒ නිසා අපි හිතලා තියෙනවා ආණ්ඩුවත් මේ සහල් වෙළඳපොළේ ඇති වෙන තත්ත්වය පාලනය කරන්න මැදිහත් වෙන්න ඕනේ එක පැත්තකින්.
සුදා: මෝල් හිමියන් පාලනය කරන්නත් ඕන?
වසන්ත: ඒකට ආණ්ඩුව සතුව වැඩපිළිවෙලක් තියෙනවා. මම ඒක ඔබට කියන්නම්. ඒ නිසා සහල් වෙළඳපොළ පාලනය කිරීම සඳහා වෙච්ච මැදිහත් වීම්වලට ආණ්ඩුව සූදානම් වෙනවා. මැදිහත් වෙන්න ඕනේ. ඒක ඇතුලේ තමයි අපිට තියෙන්නේ... කැබිනට් මණ්ඩලය තීරණය කරලා තියෙනවා ඕනෑම කර්මාන්තයකට අවශ්‍ය සහල් වෙළඳපොළෙන් ගන්න. මදි වුනොත් අපි ඒක ඒ වෙලාවට පිටරටින් හාල් ගෙනල්ලා, රටේ අවශ්‍යතාවයට පාරිභෝජනය මදි වුනොත් අපි ඒක සම්පූර්ණ කරලා දෙමු කියලා.
සුදා: "ආණ්ඩුවක් මොකටද?" කියලා ඇහුවා මේ හාල් පිටරට ගේන්න නම්. ඒක අර මේ පිටකොටුවෙ තොග වෙළෙන්දට දීලා ඒක කරනවා කියලා කිව්වා.
වසන්ත: ඔව් හරිනේ. ඒක හින්දා තමයි පොහොර සහනාධාරය 10,000, 25,000 කළේ. යල් කන්නෙත් කුඹුරේ වවන ඒවටත් පොහොර සහනාධාරය දෙනවා. පුරන් කුඹුරු වපුරන්න, කුඹුර හාන්න, ට්‍රැක්ටරේ කුඹුරට අදාළ කරන පහසුකම් ටික, ඇළ වේලි ටික හදලා දෙන එක, පොහොර ටික දෙනවා.
ඒ නිසා යල් කන්නෙ වවන හෙක්ටයාර් 75,000, මේ යල් කන්නෙ 540,000 ක් වුණා. අපි ලබන යල් කන්නෙ එනකොට මේක ලක්ෂ හය හමාරට ගේන්න තමයි සැලසුම් කරන්නේ. මහ කන්නෙ 450,000 යි. වවන්නේ 850,000 ක් අපේ කුඹුරු තියෙනවා. ඒ ඉතුරු යල් වලින් අඩුම ගානේ 10% - 15% ක්, අවුරුදු කීපයක් ඇතුළේ වවන්න පටන් ගත්තහම ලංකාවේ හාල් ඇටයක්වත් ගේන්න ඕනේ නැහැ.
සුදා: ඒ කොයි කාලෙටද දෙන්නේ ඔය ටාගට් (Target) එක?
වසන්ත: දැන් මේ අපි අවුරුදු තුනක් ඇතුළේ මේක හදන්න දැන් කුසලතාවය තියෙනවා... අවුරුදු දෙකකින් හාල් ඇටයක්වත් ගේන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කර්මාන්තය වර්ධනය වෙන ප්‍රමාණය... ඔබ හිතන්නකෝ, දැන් අපේ සකේ එක හදලා, අපේ සකේ එකට හොඳ ඉල්ලුමක් ආවොත් එක්ස්පෝට් කරන්න ඕනේ. එන්න ඩොලර්. එතකොට මොකද කරන්න ඕනේ? තව ඒකට අවශ්‍ය කරන නිෂ්පාදන විවිධාංගීකරණය ඇතුලේ, තව අවශ්‍ය හාල් අරගෙන සකේ හදලා එක්ස්පෝට් මාර්කට් එකට යවන්න පුළුවන්. මාර්කට් එකක් අපි හදන්න ඕනේ.
එතකොට අපේ රටේ නිෂ්පාදනය මදි නම්, අපි සමහරවිට පිටරටින් ගේන්න වෙනවා. බියර් එක හදනවා. නේ? එතකොට දැන් අපේ රටේ බියර් කොම්පැණි ටික බලන්නකෝ. රෝයල්ටි (Royalty) විතරයි ලංකාවට තියෙන්නේ. ඉතුරු ඔක්කොම යනවා. ටැක්ස් එක තිබුණොත් මිසක් නැත්නම් අපිට නැති වෙනවානේ. ඒ නිසා අපේම රටේ නිෂ්පාදනයක් හදලා පිටරටට යැව්වහම ඩොලර් ගේන්න පුළුවන්.
ඒ නිසා කුකුල් කර්මාන්තයට, අපේ රටේ කුකුල් මස් අපනයනය සඳහා දැන් අපි සූදානම් වෙමින් තියෙන්නේ. කුකුල් මස් විතරක් නෙමෙයි කුකුල් කරකුල්, නියපොතු මේ ඔක්කොම තියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කර්මාන්ත විවිධාංගීකරණය වෙලා එනකොට, ඒවට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ බඩඉරිඟු ඕනේ වෙනවා. අපි මේ අවුරුද්දේ අපේ රටේ හදන්නේ බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනයි. අපි ලක්ෂ හයක් යනවා පරිභෝජනයට.
සුදා: මේ වසන්ත සහෝදරයා, ඉන්දියාවේ හරකැට සලකන්නේ දේවත්වයෙන්. ඔයා දන්නවද වර්ල්ඩ් මාර්කට් (World Market) එකට වැඩිම මේ කාලේ වනකොට සපයලා තියෙන්නේ හරක් මස් ඉන්දියාවෙන් කියලා?
වසන්ත: ඒක තමයි සුදා... අපි කියන්නේ සමහර කර්මාන්ත නවීකරණය වෙනකොට, සමහර කර්මාන්ත පළල් වෙනකොට අපිට සමහර දේවල් ගැන තීන්දු තීරණ ගන්න වෙනවා ආර්ථිකයේ අපේ වෘද්ධියත් හිතලා. ඒ නිසා ඉන්දියාවේ ආර්ථිකය සහ ඉන්දියාවේ ප්‍රගමනය, ඉන්දියාවේ අපනයන වෙළඳපොළ හිතලා ඉන්දියාව තීරණ ගන්නවා. ඉතින් අපිත් රටක් හැටියට අපි ඒ තීරණ ගන්න ඕනේ. ඒ නිසා තමයි මම කිව්වේ දැන් කුකුල් මස් කර්මාන්තය, බිත්තර කර්මාන්තය...
සුදා: දේවත්වයෙන් සලකන හරකා?
වසන්ත: ඒක රටවල් වල තියෙන විවිධත්වයන් තියෙනවනේ. ඒ වගේම ඒ කර්මාන්තයකුත් තියෙනවනේ එතන. ඉතින් ලෙදර් (Leather) බලන්නකෝ. හම් සපත්තු, හම් වර්ග එහෙම කොච්චර සපත්තු වර්ග ඉන්දියාවේ හදනවද කියලා. ඉතින් ඒ හරක්ගේ හම් වලින් තමයි හදන්නේ. ඉතින් ඒක තමයි ඒක කර්මාන්තයක් ලෙස, ඒගොල්ලෝ මස් කන්නේ නැහැනේ. හැබැයි කර්මාන්තයක් ලෙස ඒ ක්‍රියාවලිය ඒගොල්ලෝ සිද්ධ කරනවා.
කැසිනෝ (Casino) සහ ආර්ථික සංවර්ධනය
සුදා: විපක්ෂයේ ඉන්නකොට කියපුවා, අද ඒ පැත්ත ඒ දේවල්ම... ඒ කියන්නේ දැන් විපක්ෂයේ ඉන්නකොට ඇලර්ජික්. අද ඒවා හොඳ දේ. දැන් "කැසිනෝ වලට අම්බානක ගහපු" දේවල්, අද කැසිනෝ මෙන්න විවෘත කරන්න ජනාධිපති එනවා.
වසන්ත: නෑ, අපි මොකක්ද කිව්වේ?
සුදා: නෑ කැසිනෝ විවෘත කරන්න ජනාධිපති කියන්නේ... නෑ ඕකත් කියනවනේ බොරුවට.
වසන්ත: අපේ රටේ පෞද්ගලික අංශය කරපු විශාලතම ආයෝජනය තමයි ඔය "සිටි ඔෆ් ඩ්‍රීම්" (City of Dreams) - ජෝන් කීල්ස් සමාගම කරපු - ඩොලර් බිලියන 1.4 යි. දැන් මේ ආයෝජනය ඇතුලේ තියෙන්නේ කැසිනෝ විතරද? සුපර් මාර්කට් තියෙනවා, ෂොපින් මෝල් තියෙනවා. ඊට පස්සේ මේක ඇතුලේ හොටෙල් තියෙනවා. මේක ඇතුලේ තියෙනවා ගෙවල් (Apartments) තියෙනවා. නේ? මේක ඇතුලේ තියෙනවා සම්මන්ත්‍රණ ශාලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම තියෙනවා මේක ඇතුලේ.
දැන් කැසිනෝ එකක් විවෘත කරන්න ගියා... කැසිනෝ එක විවෘත කරන්න වෙන කෙනෙක්. ඉතින් ඒගොල්ලෝ මේ ආයෝජනය ලෑන්ඩ් මාර්ක් (Landmark) ආයෝජනයක්, ලංකාවේ විශාලම ආයෝජනයක්. ඉතින් එතෙන්ට ජනාධිපතිවරයාට ආරාධනා කිරීමත්, නොයා සිටීමට කිසිදු හේතුවකුත් නෑ. මමත් ගියා ජනාධිපතිතුමා ගියපු දවසේ. මමත් එතෙන්ට ගියා.
සුදා: ඒ කියන්නේ මම මේ කියන්නේ කැසිනෝ එකට?
වසන්ත: නෑ කැසිනෝ එක නෙමෙයි. ඒකයි මම කිව්වේ, කැසිනෝ එක විවෘත කළේ පස්සේ. ඒගොල්ලෝ "සිටි ඔෆ් ඩ්‍රීම්" එකේ ඒකාබද්ධ ආයෝජනයක්, තවත් ආයෝජකයෙක් ගෙනල්ලා ඒ ක්‍රියාවලිය පටන් ගත්තා. අපි මේ කියන්නේ අපේ රටේ ආයෝජනවලට දිරි දෙන්න ආණ්ඩුවක් ලෙස කටයුතු කරනවා. ඒ නිසා වෙනදා කැසිනෝ ගැහුවේ කොහොමද කට්ටිය?
සුදා: ඉස්සර හදන්නත් එනවා, පස්සෙ හොරන්නත් එනවා. ආපහු එක හොයාගන්නත් බෑ බලනකොට. හැබැයි රෙගුලේට් (Regulate) වුනාද? නෑ. හොර කැසිනෝ තියෙනවා කියලා කතාව තිබුණේ නැද්ද?
වසන්ත: තිබුණා. අන්න අපි ගෙනාවා නියාමන අධිකාරී පනත. ඊයේ පාර්ලිමේන්තුවේ සම්මත කළා. දැන් අපිට නියාමන අධිකාරියක් හදන්න පුළුවන්, රෙගුලේෂන් (Regulations) හදන්න පුළුවන්, නීති හදන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි බදු නොගෙවපු අයට බදු ගෙවන්නත්...
සුදා: දැන් ඉන්දියාවේ ඉඳලා කැසිනෝ ගහන්න ලංකාවට එනවා. කැසිනෝ ගහන වෙලාවේ දිනනවා කියන්නකෝ කෝටි ගානක්. ඒ සල්ලි ටික කොහොමද ගන්නේ කියලා...
වසන්ත: අන්න හරි. ඔබ හොඳ ප්‍රශ්නයක් ඇහුවා. දැන් කැසිනෝ අවුරුදු කීයක් දන්නවද ඔබයි මායි ලංකාවේ? ඒකේ රුපියලක්වත් දිනපු මිනිස්සු බදු ගෙවලා නැහැ. ජාතික ලොතරැයි මණ්ඩලයේ, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනුමක් හැදුනහම ඒකෙන් 10% ක් ගන්නවා.
සුදා: ගන්නවා.
වසන්ත: ඇයි කැසිනෝ එකට? 14% ක් ගෙවන්න ඕනේ. ඒකේ රුපියලක්වත් ගෙවලා නැහැ.
සුදා: එතකොට කවුද දැන් මේක මොනිටර් (Monitor) කරලා තියෙන්නේ?
වසන්ත: මොනිටර් කරලත් නැහැ. නියාමනයකුත් නැහැ. සාමාන්‍ය කැසිනෝව සමාජ ශාලාවක ටර්න් ඕවර් (Turnover) එකෙන් 18% ක් ටැක්ස් ගන්නවා. ප්‍රොෆිට් (Profit) එකෙන් 45% ක ටැක්ස් ගන්නවා. මම කියන්නේ දිනපු මිනිහා ලක්ෂයක් අරන් යනවා නම්, එයා 14% ක් - 14,000 ක් බදු ගෙවන්න ඕනේ. දැන් ඒ වගකීම දෙනවා අදාළ ආයතනයට. ඒ අදාළ ආයතනය බදු ටික කපලා දේශීය ආදායම් එකට යවන්න ඕනේ.
සුදා: ඒ කියන්නේ පිටරටින් ආපු කෙනාටත් බදු ගෙවලා යන්න වෙන්නේ?
වසන්ත: අනිවාර්යෙන්. අනිවාර්යෙන්. කවුරු දිනුවත් එයා දිනුවහම... අපි හිතන්නකෝ එයා දිනුවා කියලා ලක්ෂ දහයක්. 140,000 ක් කපලා 860,000 එයාට දෙන්න ඕනේ. ගවර්මන්ට් ටැක්ස් එක 140,000 යි.
සුදා: 30% කට වැඩිය කැසිනෝ දිනනවා?
වසන්ත: ඔව්.
සුදා: යානායගෙන් 30% කට වැඩිය දිනනවා. 70% ක් පරදිනවා.
වසන්ත: ඔව්.
සුදා: ඉතින් ගිහිල්ලා තියෙනවා ඒ පැත්ත?
වසන්ත: නැහැ, ජීවිතේට එකම එක දවසයි ගියේ කියලා...
සුදා: නැහැ මම කියන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ නේද සුදත්? සල්ලි තියෙනවා නම් යනවා. මට සල්ලි තියෙනවා.
වසන්ත: නෑ ඒ විතරක් නෙමෙයි මිනිස්සු... නැහැ මිනිස්සු මේ ලෝකේ වෙන්නේ මොනවද කියලා බලන්න එපැයි. නේ? මං කියන්නේ ඒකයි. අපි මේ කියන්නේ මේ කැසිනෝ නියාමනය කළේ නැහැ, රෙගුලේට් කළේ නැහැ, රටට ආදායම ආවේ නැහැ. රටට ආදායම මොකක්ද වෙන්නේ?
සුදා: කවද්ද ඕක දැන් හැදුවා?
වසන්ත: මෙදාට විතරයි. පනත ඒක සම්මත කළා. මේ ගැම්බ්ලින් කන්ට්‍රෝලින් ඇක්ට් (Gambling Controlling Act) එක අපි ගෙනල්ලා තියෙන්නේ. මෙහෙම රෙගුලේෂන් බොඩි (Regulation Body) එක අපි හදලා මාස හයක් විතර ඇතුළත ලංකාවේ සියලුම කැසිනෝ වලට ගිහිල්ලා බලන්නත් පුළුවන්. එන මිනිස්සු එන්ට්‍රන්ස් ෆී (Entrance Fee) එකක් ගෙවනවා. ඒ වගේම දිනන මිනිස්සු ගාස්තු ගෙවනවද කියලා බලන්න ඕනේ. මේවා නියාමනය ක්‍රියාවලියකට අවශ්‍ය කරන සියලු නීති රෙගුලාසි හදන්න අපි බොඩි එක හදනවා. එතකොට අර අහිමි වෙච්ච ආදායමත්, රෙගුලේෂන් එකත් දෙකම සිද්ධ කරන්න අපි කටයුතු කරනවා.
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්
සුදා: ඡන්ද කාලේ ප්‍රතිපත්ති ප්‍රකාශන මාලාවේ මොකක්ද තිබ්බේ? මොන රටක්ද කිව්වේ? "පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්."
වසන්ත: ඔව්.
සුදා: කවද්ද ඒක හම්බවෙන්නේ?
වසන්ත: දැන් මේ හදමින් තමයි යන්නේ අපි.
සුදා: දැන් ඒක කොයි කාලෙට දකිනවද?
වසන්ත: දැන් ඔබ හොඳ ප්‍රශ්නයක් ඇයි දන්නවද? ඔබට අපිට මතකයිනේ සුදා, බංකොලොත් වෙච්ච රටක්. ණය වාරික ගෙවපු නැති රටක්. ලංකාවේ ලොකුම බැංකුව ගිය අවුරුද්දෙත් ලාභය බිලියන 106 ක් (ලංකා බැංකුව). LC (ණයවර ලිපි) එක බාර ගන්නේ නැතුව හිටපු රටක්. ලෝකෙ රටකට යන්න වීසා එකක් දීපු නැති රටක් ලංකාවේ මිනිහෙකුට.
ඒ කියන්නේ ගොවියාට පොහොර ටික නැති වුණා, කම්කරුවාගේ රස්සාවේ වැටුප හැදුනේ නැහැ, විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවය අයින් කළේ නැහැ. ඉස්පිරිතාලේ බෙහෙත් ටික නැති වුණා. දරුවන්ට ඉගෙන ගන්න බැරුවුණා. මෙහෙම බංකොලොත් වෙච්ච රටක් ගෙනල්ලා තියෙන තැන ගැන අපි ආඩම්බර වෙනවා.
සුදා: විරෝධතා එනවා... දැන් තැපැල් එනවා, විරෝධය එනවා. දුම්රිය එනවා. ඕවා තියෙනවනේ එකින් එක. ඇයි මේ?
වසන්ත: සාධාරණ ප්‍රශ්න වලට ඇහුම්කම් දෙන අලිකන් තියෙන ආණ්ඩුවක් නෙමෙයි මේක. අලිකන් නෙමෙයි, මී කන් තියෙන ආණ්ඩුවක්. ඒ නිසා අපි හොඳටම දන්නවා, වෘත්තීය සමිති ව්‍යාපාරයේ හිටපු අපි දන්නවා, ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා සාකච්ඡා කරලා මේ ප්‍රශ්නයට මැදිහත් වෙනවා අපි. ඒ නිසා සමහර ප්‍රශ්න එනවා, ඒකේ පදනමත් බලන්න ඕනේ. සමහර ප්‍රශ්න නැති නිසා වෘත්තීය සමිති ව්‍යාපාරය හුවා දක්වන්න බලනවද දන්නෑ මේ බලය ගැනීම සඳහා පුළුවන්.
සුදා: මට මතක් වෙනවා ගිය අවුරුද්දේ, ඉස්සෙල්ලා අවුරුද්දේ වසන්ත සමරසිංහ කොහොමද මේ හිටියේ... මේ මේ දිව්වා, දිව්වා, දිව්වා... දුන්නානේ. මේ මේවා ගැන හොඳට කල්පනා කරලා බලන්න ඕනේ. මේ අභ්‍යන්තර ගැටලු ටික, මේවා සාධාරණද නැද්ද කියලා.
වසන්ත: සුදා අපි දුන්නානේ. පෞද්ගලික අංශයේ සේවකයාගේ වැටුප රුපියල් 5000 ක්, 9000 ක් වැඩි කරලා තියෙන ඉතිහාසයේ ආණ්ඩුවක්. ඒක නෑ. රාජ්‍ය සේවකයාගේ වැටුප 25% යි. බේසික් එක වැඩි වීම. ඔක්කොම දීමනා එකතු කරත් එහෙම 24% - 50% යි. ඉතිහාසයේ වැඩි කරලා තියෙන ආණ්ඩුවක් නෑ.
පෙන්ෂන් සුදා... අහිංසක අපේ අම්මලා තාත්තලා, වැඩිහිටියෝ පෙන්ෂන් ගිහිල්ලා, ගත්ත පඩිය නැතුව පෙන්ෂන් ගිහිල්ලා 2016 ඉඳන්. පඩිය තියෙනකොට 10,000 තිබුණා. 2016 විශ්‍රාම ගියපුවහම 10,000 නෑ. එහෙම හිටියා. සමහර අය හිටියා 93 ඉඳන් විශ්‍රාම වැටුප් විෂමතා තිබුණා. සියලු විශ්‍රාම වැටුප් ගෙනාවා 2020 ට. විශ්‍රාම ගියා සේ සලකලා හැදුවා සියලු දෙනාගේ පඩිය.
ඒ අතර තව පොඩි කෑල්ලක් තියෙනවා. අනිත් කට්ටිය 2025 න් පස්සේ විශ්‍රාම යන අය. මේ 20 යි 24 යි අතර තියෙන කට්ටියට පොඩි ඉෂූ (Issue) එකක් තියෙනවා. විශ්‍රාම වැටුප් විසඳුමක්, රාජ්‍ය සේවක පඩි විසඳුමක්, පෞද්ගලික අංශයේ වැටුප් ප්‍රශ්න විසඳුමක්... ඉතින් වැඩ කරන ජනතාව වෙනුවෙන් රාජ්‍ය සේවය බඳවා ගැනීම් තිබුණේ නැහැ. 60,000 ක් මේ වන විට බඳවා ගන්න අවසර දුන්නා. 60,000 ක්.
සුදා: ඔව්, තෙල් සංස්ථාවට කිසිම බලපෑමක් නැතුව ඕන කෙනෙකුට ඇප්ලයි (Apply) කරන්න පුළුවන් කියලා මම අද දැක්කා.
වසන්ත: තෙල් සංස්ථා විතරක් නෙමෙයි. මම ඔබට පෙන්නන්නම්... ඉතින් දැන් මෙහෙමයි වසන්ත සහෝදරයා, දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එකට ආවහම ඔක්කොම ලිස්ට් ගැන කියනවා. එතකොට දුර්වලතාවයක් තියෙනවා නේද? විපක්ෂයේ ඔවුන්ගේ කාර්යභාරය හරියට මාර්කට් එක දන්නේ නැහැ නේ ඕගොල්ලෝ?
ඔබ කියනවා වගේ මෙහෙම ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. අපි මේ වැඩත් එක්ක දුවනවා තමයි. මාර්කට් එකේ වල අඩුවක් ඇති. අපි ඒක කරගමු. මොකද, රජයේ රූපවාහිනී ටික තියෙනවා. පත්තර ටික තියෙනවා. ප්‍රගතිශීලී මිනිස්සු ටික එනවා ඔබ වගේ. මේ ආණ්ඩුව ගොඩනගන්න මැදිහත් වෙච්ච, සහයෝගය දුන්න මිනිස්සු ඉන්නවා. තවත් ඔබට කන් දෙනවා මිනිස්සු.
ඒ නිසා අපි කියන්නේ ඒකයි. අපි මේ වැඩ ටික කරමින් යන්නේ. රාජ්‍ය සේවය බඳවා ගැනීම් කිසිවකට... ඒවා නැහැ විදේශ රටවල් වලට යනකොට ඇඟිලි ගැහුවානේ සුදා. ඊශ්‍රායලයට ගිහිල්ලා බොරුවට ගිවිසුම් ගහලා ඇවිල්ලා, ඊශ්‍රායලයට යවන්න කොච්චර මහන්සි වුණාද? දැන් අපේ විජිත සහෝදරයා ඇමතිවරයා හැටියට ඊශ්‍රායලත් එක්ක කොච්චර සාකච්ඡා කළාද? බේරගත්තේ ප්‍රශ්නේ.
කොරියාවත් එක්ක එක ගිවිසුමයි ගහන්න පුළුවන් වුණේ. අනිත් ප්‍රාන්ත වලත් මිනිස්සු ඉල්ලනවා. කොච්චර අමාරු වුණාද? මොකද? මනුස්සයෙක්, ලේකම් කෙනෙක් ගිහිල්ලා ගිවිසුම් ගහලා තියෙනවා රට නියෝජනය කරලා. ඒ කියන්නේ මේ අපේ රටවල් ලෝකයේ ඉස්සරහා අවමානයට පත් කරපු වැඩ තියෙනවා. විදේශ ඇමතිවරයා ලෙස ඔහුට, ඒ වගේම අපේ ෆොරීන් බියුරෝ (Foreign Bureau) එකේ චෙයාමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට, සහගහන මෙහෙයුමක් කරන්න වුණා.
ඉතින් අපි ඔක්කොම කරනවා. ඔබ අහලා තියෙනවා කොහේ හරි, "ආ වසන්ත සමරසිංහ ලිස්ට් එක හදනවා බියුරෝ එකේ... ආ විජිත හේරත් තියෙන ලිස්ට් එකක් බියුරෝ එකේ..." කියනවා? නැහැ. අපි රටේ තරුණ ළමයින්ට කියන්නේ රස්සාවට යන්න දාපු අයට. ඊශ්‍රායල් නම් ලොතරැයි (Lottery) එකෙන් ඇදුනහම අන්න ඒක තියෙනවා. තවත් නිලධාරී ගේම් එකක් ගැහුවොත් අපි ඒකත් බලනවා. කොරියාව දවස් පහට 60,000 ක් ලියාපදිංචි වුනානේ රට යන්න. ඔබ හිතන්නකෝ... දවස් පහට 60,000 ක් රට යන්න කියනවා කියන්නේ, තාම රටේ ඉන්න සුදුසුකමක් නැහැ.
සුදා: ඒ කියන්නේ මෙහෙමයි සුදා, අපි අපේ රටේ මිනිස්සු රට යන්නේ රටේ ඉන්න සුදුසුකම් නැති නිසා ගියා පහුගිය කාලේ. දැන් ගියපු මිනිස්සු එනවා. ඔබට මම උදාහරණයක් කියන්නම්. ලංකාවට ඇවිල්ලා වැඩ කරනවා මිනිස්සු, ආයෝජනය කරනවා, ගොවිතැන් කරනවා, කෘෂිකාර්මික වැඩ කරනවා.
හොඳයි. මම ඔබට කියන්නේ ඒකයි, ලෝකේ මිනිස්සු දැන් ලංකාවට බොහෝම කැමැත්තෙන් එන්න බලන් ඉන්නවා. තව සමහරු ඉන්නවා රට ගිහිල්ලා කීයක් හරි හොයන්න එන්න ඕනේ කියලා. මොකද අපේ රටේ වැටුප තවම අපිට මේ සංවර්ධිත රටක වැටුපට ගේන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ඒ වැඩේ අපි කරමින් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ කිව්වා වගේ මේ මාර්කට් එක මදි නම්, ඔව් අපි මාර්කට් එකත් කරනවා.
සුදා: මදි නම් කියලා පිළිගන්නවාද මදි කියලා?
වසන්ත: පිළිගන්නවා. පැහැදිලිව හිස නමා පිළිගන්නවා නම් මදි කියලා. හිස නමා පිළිගන්නවා. අපි කෑගහ... අපි කරනවා. අපි නිකන් වතන්තරත් අහගෙන අනුරගේ ලොන්ඩරිය, මාලිමාවේ ලොන්ඩරිය... ලොන්ඩරිය නේ? අපි කිසිම පුද්ගලික රුපියලක් තියලා ඉල්ලලා තියෙනවාද?
සතොස සහල් සහ තෙල් මිල අර්බුදය
වසන්ත: ඒකයි සුදා මම කිව්වේ. ඔබ කිව්වා වගේ මේ රටේ යූටියුබ් කරන සමාජ මාධ්‍ය ඉන්න තරුණ සහෝදරවරු, අපේ හිතවතුන්, මේ ආණ්ඩුව ගොඩනගන්න මැදිහත් වෙච්ච හැමෝම... ආණ්ඩුවේ වැඩ ටික... දැන් ඔබට උදාහරණයක් කියන්නම්කෝ. අපි සතොසෙන් හාල් දායි කියලා ඔබ කිව්වද? අපි වී ගන්න පටන් ගත්තේ ගිය මහ කන්නෙ මෙට්‍රික් ටොන් 3500 ක් අපි ගත්තා. මේ යල් කන්නෙ දැන් වී ගන්න පටන් අරන් තියෙනවා. අපිට අපි මෙට්‍රික් ටොන් 40,000 ක් මේ කන්නෙ ගන්න ප්ලෑන් කරනවා.
සුදා: දැන් මෝලකුත් දානවනේ?
වසන්ත: ඔව් මම මේ කියන්න යන්නේ ඒක තමයි ඔබට. දැන් අපි ගත්ත වී ටික කොටලා, හාල් කරලා දැන් මාර්කට් එකට අපි දානවා. සතොස නමින්. ජාතික සතොස නමින් අපි හාල් දානවා. අපි තරඟකාරී මිල ගණන් කැඳෙව්වා. අපි ළඟ තියෙන වී ටික කොටලා, අපේ දෙන ඩිසයින් එකට තියෙන බෑග් එකේ දාලා, අපිට ගෙනත් දෙන්න ඕනේ. ඒ තරඟකාරී මිල ගණන් අතරේ ටෙන්ඩර් කැඳවලා තමයි මේක තෝරගත්තේ.
එහෙම නැත්නම් අපි අහවලාට දුන්නා, මේවට දුන්නේ නැහැ... පත්තර දැන්වීම් දාලා (මේවා නිකන් නෙමෙයි), පත්තර දැන්වීම් දාලා ටෙන්ඩර් කැඳවලා තමයි මේක තෝරගන්නෙ දැන් කොටලා අපි හාල් ගෙනත් දෙනවා. දැන් අපි දැන් මේ කොටන ක්‍රියාවලිය ඉස්සරහට යනවා. මෙතනින් නවතින්නේ නැහැ. ලංකාවේ සහල් වෙළඳපොළේ 10% - 15% අතර ප්‍රමාණයක් පාලනය කිරීමේ ක්‍රියාවලියට රජය මැදිහත් වෙනවා.
සුදා: ඩඩ්ලි සිරිසේනටත් කොටනවද?
වසන්ත: ඩඩ්ලි සිරිසේන කොටා ගත්තට නම් මට කරන්න දෙයක් නැහැ. මොකද ඩඩ්ලි සිරිසේන විතරක් නෙමෙයි, මේ රටේ වී මෝල් හිමියෝ අපේ රටට තාක්ෂණය, වී මෝල් දාන්න... ඒ අය මැදිහත් වෙලා තියෙනවා. රජයේ ණය පහසුකමුත් අරගෙන. හැබැයි හිඟයක් ආපු ගමන් සූරා කනවා.
ඒකනේ කරන්නේ. ඒ නිසා අපි කියන්නේ යම් ප්‍රමාණයකට වෙළඳපොළේ අපේ රටේ සහල්වලට අල්ලපු ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු බත් කනවනේ. වේල් දෙකක් බත් කනවා, වේලක් පිටි කනවා. ඒ සයිස් එකට තමයි අපේ රටේ තියෙන්නේ. ඒ නිසා මේ බත් කන මිනිස්සුන්ට බත් ටික දෙනකොට ඒකට සාධාරණයක් තියෙන්න එපායි.
අපි ගොවියාට සාධාරණය කරන්න වී ටික 120 ට ගන්නවා. අපි හාල් ටික 230 ට විකුණන්නේ. කැකුළු හාල් 220 යි. තම්බපු හාල් 230 යි. ඒ නිසා අපි වී ගන්නේ 120 ටමයි. ඒ 120 ට ගන්න ඒවා කැකුලෙන් කොටපුවහම 220 ට දෙන්න ඕනේ. තම්බලා කොටපුවහම 230 ට දෙන්න ඕනේ. ඕක තමයි සූත්‍රය අපිට තියෙන්නේ.
එතකොට අපි සහල් වෙළඳපොළට මැදිහත් වෙන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඒ සඳහා පෞද්ගලික අංශයෙන් අපි මිල ගණන් කැඳවලා, ඔන්න ඕන කෙනෙකුට පුළුවන් එතකොට ඇවිල්ලා කොටන්න ඕනේ නම්. අපි අපි තව අවුරුදු 1000 ක් එහාට... සහල් වෙළඳපොළ දැන් නිකම්ම මෝලේ හාල් කොටනවා වගේ නෙමෙයි. ගර්භණී මව්වරුන්ට අවශ්‍ය විටමින් වර්ග මේ හාල්වලට එකතු කරන්න පුළුවන්. දරුවන්ට අවශ්‍ය පෝෂණ වර්ග මේ හාල් වලට එකතු කරන්න පුළුවන්.
සහල් එක්ක තව තව නිෂ්පාදන තියෙනවා. ලෝක ආහාර සංවිධානය අපිත් එක්ක ඒ ගැන කතා කරලා තියෙනවා. ඒ වගේ ඉදිරි දැක්මක් සහිතව වී අලෙවි මණ්ඩලයේ සතොස ගන්න වී ටික හාල් කරලා මාර්කට් එකට යන වැඩපිළිවෙල දැන් අපි හදලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි තොග වෙළඳපොළ ඇතුලේ සමුපකාර, සතොස රිටේල්, ඒ වගේම සමුපකාර තොග වෙළඳ සංස්ථාව ඒකාබද්ධ කරලා අපේ රටේ සැපයුම් ජාලයේ කොටස්කරුවන් කරා නවස්කන් සැලසුම දැන් අපි ක්‍රියාත්මක කරන්න පටන් අරන් තියෙනවා.
සුදා: හොඳයි අවසාන ප්‍රශ්නය. දැන් දිනන්දි (ඡන්ද) ඉස්සෙල්ලා කිව්වා තෙල්... "තෙල් පිළිබඳව ආපු ගමන් අපි තෙල් අඩු කරනවා" කියලා. මේකේ තියෙන්නේ "කාංචනට මෙච්චර ගාණක් යනවා, අහවල් ගාණක් යනවා" කියලා. ඒ අදාළ අමාත්‍යවරයෙක් කියනවා "අපිට අඩු කරන්න බැරි තාම ඒගොල්ලෝ ගහපු ගිවිසුම් වල..."
වසන්ත: බලහත්කාරයෙන්... අපේ රටේ තෙල් ගන්න ඒවා තියෙන්නේ ටෙන්ඩර් වලින් සුදා. එතකොට ඔන්න මේ දවස් වල ඔබට කියන්නම්, ලංකාවේ විශාලම ටෙන්ඩර් එක දැන් ෆ්ලෝට් (Float) කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ ටෙන්ඩර් එක දැන් දියත් කළා. ගල් අඟුරු සැපයීම. ඩොලර් මිලියන 300 ක් වෙනවා. ඒක තමයි ලංකාවේ ලොකුම ටෙන්ඩර් එක. මේ සාමාන්‍ය බිලියන් වලින් යනවා. වෙළඳපොළ වෙනස් වීම අනුව වෙනස් කරනවා.
ඔබ දන්නවා ලෝකෙ රටවල් වලට යන මනුස්සයෙක් නේ. ඇමෙරිකාවේ ගියත්, ඕස්ට්‍රේලියාවේ ගියත්, එංගලන්තයේ ගියත් දවස ගානේ තෙල් මිල වෙනස් වෙනවානේ. අපි එතෙන්ට යන්නේ නැහැ තවම. අපිට... මොකද අපි දවස ගානේ තෙල් ගන්නේ නැහැ.
සුදා: ඒක කාංචනට ගිය කොටස දැන් රුපියල් 60 ක්ද කෝ ගියා කිව්වේ? දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒකෙන් ප්‍රීමියම් එක දැන් අඩු කරලානේ තියෙන්නේ අපේ? ඒක නිසානේ අපිට?
වසන්ත: නෑ ඒක 60 කොහෙටද දැන් යන්නේ? නැහැ, තෙල් "කාංචනට 60 ක් ගියා" කියන එක නෙමෙයි, මේ වගෙන් "කොමිස් ගියා" කියන එක තමයි අපි කියලා තියෙන්නේ. මේ නම් වශයෙන්ම කියලා කිව්වේ.
සුදා: ඔව් හරි හරි අපිත් කිව්වා. ඔයගොල්ලෝ කිව්වා අපිත් කිව්වා ඇත්ත කියලා හිතලා. ඒක තියෙනවා හරිනේ මෙහෙමනේ?
වසන්ත: හිටපු ඇමතිවරු, ගහපු ගිවිසුම්, වෙච්ච මැදිහත්වීම් සොයා බලපුවහම අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. රුපියල් පහට හයට තිබිච්ච ප්‍රීමියම් එක තෙල් මිල පිළිබඳ කාරණය රුපියල් 30 ට 35 ට යනකොට එකපාර ප්‍රශ්නයක් තියෙනවානේ සුදා. ඒකෙන් සමහර ගිවිසුම් ඔයාලා හිර වෙලා තියෙන්නේ.
සුදා: නෑ...
වසන්ත: නෑ ඒ ගිවිසුම් දැන් ඉවර වෙමින් එන්නේ. ඒ නිසා ඒ අයත් එක්කත් අපි කතා කරලා තියෙනවා. තෙල් සැපයීම පිළිබඳව ලෝකයේ තෙල් තියෙන රටවල් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන් ජනාධිපතිතුමා මැද පෙරදිග ගියපු වෙලාවෙත් ඒ අය හම්බවෙලා තිබුණා, කතා කරලා තිබුණා. සමහර රටවල් වල ඒගොල්ලෝ කැමති වෙලා තිබුණා ලෝකේ වෙනත් රටවල්... ඒගොල්ලෝ තෙල් කරනවා ඒගොල්ලන් තෙල් දෙන්න.
නමුත් අපි ඒ පිළිබඳව සැලැස්මක් හදනවා. බලශක්ති ක්‍රියාවලියක් අපි තියෙනවා. අපි සිනෝපෙක් (Sinopec) එකත් එක්ක පිරිපහදුවක් හම්බන්තොට හදන්න... ත්‍රිකුණාමලේ පවර් හබ් (Power Hub) එකක් හදලා... තෙල් ටැංකි ටික නවීකරණය කරලා, තෙල් ටැංකි ටික ක්‍රියාත්මක කරන්න පටන් ගන්න විශාල තෙල් ගබඩාවක්. ඒ වගේම සෝලා (Solar) එක්කම බලශක්ති කේන්ද්‍රයක් බවට ත්‍රිකුණාමලේ පත් කරන්න වැඩ කරද්දී, තෙල් මිල තව අපිට අඩු කරන්න පුළුවන් වෙනවා.
සුදා: කොයි කාලෙදිද?
වසන්ත: ඉතින් අපි මේ යන ක්‍රියාවලියත් එක්ක ලෝක වෙළඳපොළේ තෙල් මිල වෙනස් වීමත් එක්ක අපි මේක කරනවා. මොකද තෙල් සංස්ථාවේ තිබිච්ච...
සුදා: "ලෝක වෙළඳපොළේ තෙල් ඉහළ වෙනකොට ඉහළ දාන්නත්, පහළ යන්නත් මොකටද ආණ්ඩුවක්?" කියලා ඇහුවා.
වසන්ත: නෑ ඒ ආණ්ඩුවක් ඇහුවේ නිකන්... ඒවා වැරදීමෙන් කියපු දේ. නෑ නෑ නෑ... අපි කිව්වේ මොකටද? මේගොල්ලෝ තෙල් වලට 100 ගානක බද්දක් ගහගෙන තියන් ඉඳලා... දැන් තාම බද්ද තියෙනවා.
සුදා: දැන් බද්ද තියෙන්නේ ඇයි දැන්?
වසන්ත: ඒක මම කියන්න හැදුවේ. බද්ද තියෙන්නේ තෙල් සංස්ථාවේ සියලු අලාභ ටික කවුද ගත්තේ? ආණ්ඩුව. භාණ්ඩාගාරය. එතකොට දැන් මේ තෙල් සංස්ථාවට මේ අලාභය තිබුණා නම් මොකද වෙන්නේ? අදත් තෙල් සංස්ථාව ලොස් (Loss). ඒ නිසා දැන් භාණ්ඩාගාරය ගත්ත මේ අලාභය වෙනුවෙන්, ඒ අලාභය පියවීම සඳහා යම් ගෙවීමක් කරන්න ඕනේ. නැත්නම් කවුද ගෙවන්නේ? ජනතාව. නැත්නම් ජනතාව ගෙවනවා.
ඒ නිසා තමයි තෙල් සංස්ථාවේ අලාභය, විදුලිබල මණ්ඩලයේ අලාභය භාණ්ඩාගාරය ගන්නකොටම කියනවා යම් විදිහකට මේක ආවරණය කරගන්න ඕනේ අපි කියලා. ඉතින් අපි මේ ආයතන වලට නිදහසේ සංවර්ධනය වෙන්න ඉඩ හදන ගමන්, එහි වගකීමකුත් ඒගොල්ලන්ට දීලා තියෙනවා. මේකත් එකතු කරලා දෙන්න.
සුදා: හරි කතාව හරි ලස්සනයි. මාර්කටිං (Marketing) අඩුව තියෙනවා. මිනිස්සුන්ට කියන්නකෝ, යම් තැන් හුස්ම අරන් අවුරුදු 70 කට පස්සේ නිදහසේ හොඳට හුස්ම ගන්න පරිසරයක් හැදෙන්න කොයි කාලෙද? වචන විතරක් සීමා වෙන්න බෑ. මොකද අපි රජයේ දැන් ඉන්නවා.
වසන්ත: ඔබ කියන කතාව හරි. අපි අහනවා අපේ රටේ ජනතාව අපිට දුන්න ජනවරම අනුව, හොරකම, වංචාව, නාස්තිය, දූෂණය අපි නවත්තලාද නැද්ද? නවත්තලා තියෙනවා. නවත්තලා තියෙනවා. හැබැයි නිලධාරීන් තාම කරනවා. මම කිව්වේ එකයි. දේශපාලඥයන් ලෙස ජනාධිපතිවරයා, ඇමති මණ්ඩලයේ මන්ත්‍රීවරු කිසිවෙකුට, නගර සභාවක නගරාධිපතිවරයෙක්, අපේ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක්, මන්ත්‍රීවරයෙක් මේ චෝදනාවට ලක් වෙලා නෑ.
දෙක, නිලධාරීන් අතරේ මෙවැනි දේවල් සිදුවෙනවා කියලා අපි දන්නවා. නිලධාරීත් දන්නවා. ඒ නිසා අපි නිලධාරීන්ටත් කියලා තියෙන්නේ "වහාම වහාම දෑත් පිරිසිදු කරගෙන මේ වැඩේට එකතු වෙන්න. තවදුරටත් මේ ගමන යන්න බෑ. අපි මේකට සිස්ටම් ගේනවා."
විතරක් නෙමෙයි, මේ නීතිය ක්‍රියාත්මක කරනවා. පනතක් හැදුවා, "අයතා ලෙස රැස් කළ වත්කම් අත්පත් කර ගැනීමේ පනත". කවුරුහරි පැමිණිල්ලක් දැම්මොත් එහෙම ඒකට අදාළ විභාගය වෙනකොට හොයා ගත්ත හැටි කියන්න වෙනවා. ඒ නිසා දැන් නීතිය තියෙනවා රටේ. ඒ වගේම රටේ ජනතාවගේ, වැඩ කරන ජනතාවගේ, තරුණයන්ගේ (අවුරුදු පහක් රස්සාවට ගත්තේ නැහැ රාජ්‍ය සේවයේ), රැකියා වලට ගැනීම, ගොවි ජනතාවගේ... මේ සියලු දෙනාගේ ප්‍රශ්න ඇඩ්රස් (Address) කරලා තියෙනවා.
ඒ විතරක් නෙමෙයි, මේ අවුරුද්දේ විතරක් මාස හයක් ඇතුලේ රුපියල් බිලියන 1400 ක් (කෝටි 14000 ක්) සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒ නිසා මේ සියලු තත්ත්වයන් එක්ක ගත්තහම රට හරි පාරේ යනවා. ඒ නිසා අපිට කෙටි කාලයක් ඕනේ. ඒ කෙටි කාලයෙන් අපි අරන් තියෙන්නේ ඉතාම පොඩි කාලයයි. අපි අවුරුදු පහකට මේ ආණ්ඩුව ගත්තා, අපි කියන්නේ අවුරුදු පහම ඉන්න කියලා. හැබැයි මුල් අවුරුදු තුන අවසන් වෙනකොට මේ රට ආපසු හැරවිය නොහැකි, මේ රටේ මිනිසුන්ගේ බලාපොරොත්තුව "පොහොසත් රටක ජීවත් වෙන ලස්සන හීනය" දකින්න... මේ රට අනිවාර්යෙන් එතෙන්ට ගෙනියන්න අපි කටයුතු කරනවා. මේ අවුරුද්දත් දෙකක් අපිට මේකට පොරබදන්න වෙනවා. ඒක ජනාධිපතිතුමා හරි පැහැදිලිව කිව්වා අනුර සහෝදරයා අපේ... "මේ වැටිලා තියෙන රට මෙතනින් එළියට ගේන්න අපිට අවුරුද්දක් දෙකක් පොරබදන්න වෙනවා. ඕගොල්ලෝ ඕකට උදව් කරන්න" කියලා. අපි දන්න ජනතාවට ආරාධනා කරනවා. ඔබ තැබූ විශ්වාසය රකින්න, මෑත ඉතිහාසයේ පත් කරපු ආණ්ඩුව අපි ඒ කටයුතු කරමින් තිබෙනවා.
සුදා: මේන්ට ඔහොම ඉන්නවා. දැන් අපිට කියන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ නිදහස දීලා තියෙනවා. බොරු කියන එක පොඩ්ඩක් අඩු කරලා ඇත්ත කියන්න පටන් ගන්න. හ්ම්... අඩුම ගානේ එතකොට තර්කයක්, විවාදයක් තියෙනවා.
වසන්ත: නැහැ, බය වෙන්න ඕනේ අය ඉන්නවද ඒගොල්ලෝ?
සුදා: නැහැ, ඒ බයටනේ සමහරු කෑ ගහන්නේ? බය වෙන්න ඕනේ නෙමෙයි, බයට කෑ ගහනවා. ඒ කියන්නේ යනවා ඇතුලට යන්න වෙනවා. දැන් ඉතින් නඩු ඉවර වුනාට ඇතුලට යන්න එපැයි. මොකද මහින්දානන්දලා, නලින් ප්‍රනාන්දුලා, චන්ද්‍රසේනලා, එස්.එම් රංජිත්ලා, කිරිඇල්ල, රාජිත හැංගිලා ඉන්නේ දැන් ටොක් දීපු... දැන් ඒ වගේම රාජපක්ෂලාත් බය වෙන්න ඕනේ නේද? නැත්නම්... ඇයි ඒ?
වසන්ත: යෝෂිත රාජපක්ෂ බය වෙන්න ඕනේ හරි.
සුදා: ඇත්ත නැතිකම කොච්චරද? අර අහින් අර ගෙදර එන්න දේශීය ආචාර්යවරුන් පැටලුවානේ අවුරුදු 90 ක් විතර වෙනවා. නාමල් රාජපක්ෂට නඩුනේ. යෝෂිත රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ... ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ... ඊට පස්සේ කවුද? සවේන්ද්‍ර මේ ශෂීන්ද්‍ර රාජපක්ෂ. ඇතුලේ නේ?
වසන්ත: ඔව්. ඉතින් මම මේ කට්ටියත් යනවා. දැන් නඩු තියෙනවා.
සුදා: දැන් මම කියන්නේ ඔය නම් කියපු ලිස්ට් එකේ බය වෙන්න ඕනද?
වසන්ත: මේ හැමෝටම නඩුවනේ.
සුදා: ඒ කට්ටිය බය වෙන්න ඕනේ නේද?
වසන්ත: ඉතින් බය වෙන්න එපැයි.
සුදා: බොහොම ස්තුතියි.
වසන්ත: බොහොම ස්තුතියි.
Comments
Post a Comment
Your comment will be visible after approval